මේ වසරේ සිට නැකත් සීට්ටුවට පැළයක් සිටුවීමටත් නැකතක් එකතු කරනවා – වෛද්‍ය ජාසිංහ
මේ වසරේ සිට සිංහල හා හින්දු අලුත් අවුරුදු නැකත් සීට්ටුවට පැළයක් සිටිවීමේ නැකතක් ඇතුළත් කිරීමට කටයුතු කරඇති බව පරිසර අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
ඔහු පවසන්නේ මේ මගින් විශාල පැළ ප්‍රමාණයක් රෝපණය කිරීමට හැකියාව ලැබෙනු ඇති බවය.
කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින් අනිල් ජාසිංහ මහතා මේ බව කියා සිටියේය.
“සිංහල හා හින්දු අලුත් අවුරුදු නැකත් සම්බන්ධයෙන් ජනතාව වැඩි උනන්දුවක් දක්වනවා. මේ පැළයක් සිසුවීමේ නැකත් කාලය ඊට ඇතුළත් කළේ ඒ නිසයි. මේ අදහස ඉදිරිපත් කිරීම තුළ අපිට ලොකු ගමනක් යෑමට හැකියාව ලැබෙයි.”






















