Saturday, August 29, 2026
HomeNEWSමිහිඳු නිවහන නිවාස වැඩසටහන ගරු අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 07 වැනිදා සියඹලාණ්ඩුවේ දී ඇරඹේ.

මිහිඳු නිවහන නිවාස වැඩසටහන ගරු අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 07 වැනිදා සියඹලාණ්ඩුවේ දී ඇරඹේ.

මිහිඳු නිවහන නිවාස වැඩසටහන ගරු අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 07 වැනිදා සියඹලාණ්ඩුවේ දී ඇරඹේ.

සසුන්ගතව මහණදම් පුරමින් සම්බුදු සසුන රැක ගැනීම උදෙසා තම කුල දරුවන් ශාසනයට පූජා කළ මව්පියන්ට උපහාර පිදීම අරමුණු කරගනිමින් මිහිඳු නිවහන නමින් නව නිවාස වැඩසටහනක් ආරම්භ කිරීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා තීරණය කරයි. 

මේ අනුව මිහිඳු නිවහන ව්‍යාපෘතිය ලබන 07 වැනිදා පෙ.ව. 09.30 ට, මොණරාගල, සියඹලාණ්ඩුව, බුද්ධම ප්‍රදේශයේ දී නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිතයි.

මේ යටතේ මෙම වසර තුළ නිවාස 2,000 ක් ඉදිකිරීමට නියමිතයි. මිහිඳු නිවහන ව්‍යාපෘතිය ආරම්භ කිරීමට “මිහිඳු නිවහන ව්‍යාපෘතිය” යටතේ දක්වා ඇති සුදුසුකම් අනුව තෝරාගත් මව්පියන් පදිංචි ප්‍රදේශවල මෙම නිවාස ඉදිකිරීම සිදු වේ.

මෙම නිවාස ඉදිකිරීම සඳහා මේ වන විට රුපියල් ලක්ෂ 12,000 ක් වෙන්කර තිබේි. ඉදිකෙරෙන එක් නිවසක සම්පූර්ණ වටිනාකම රුපියල් ලක්ෂ 06 කට අධික වේ.

හිත නිවනින් නිවුනත් ගත නිවහන ගැන සිත නිවනක් නැති මාපියන් වෙත පිදෙන “උත්තම ගෘහ පූජාවක්” ලෙස අර්ථ ගන්වා ඇති මෙම ව්‍යාපෘතිය ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා යන මහත්වරුන්ගේ අධික්ෂණයෙන් සිදු කෙරේ.

එළැඹෙන 07 වැනි දා පැවැත්වෙන ආරම්භක උත්සවයේ දී තෝරාගත් මව්පිය යුවළක් වෙනුවෙන් නව නිවසක් තැනීම ඇරඹිමට නියමිතයි. ඒ සමඟම තෝරාගත් තවත් මව්පිය යුවළ 50 දෙනෙකුට රුපියල් ලක්ෂයක් බැගින් වූ අත්තිකාරම් මුදල් ප්‍රධානය කිරීමක් ද සිදුකෙරේ.

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සහ බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් මෙම මිහිඳු නිවහන් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” යටතේ, සම්බුද්ධ ශාසනය ප්‍රමුඛස්ථානයේලා ආරක්ෂා කිරිමේ ප්‍රතිපත්තිමය තීරණය මත පිහිටා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. 

මිහිඳු නිවහන ව්‍යාපෘතියෙන් නිවසක් ලබා ගැනීම නිර්නායක කිහිපයකට යටත් කර තිබේ. එහි මූලික සුදුසුකම් හතරක් දක්වා ඇති අතර ඒ පහත පරිදි වේ.

බුද්ධ ශාසනය සඳහා දරුවන් පිදූ, නිවසක් අහිමි හෝ අඩක් සාදා නිම කළ නිවසක් හිමි මවක් හෝ පියෙක් විය යුතු ය.

ස්වාමීන් වහනසේගේ මවගේ හෝ පියාගේ නමට හිමි ඉඩමක් විය යුතු ය. බලපත්‍ර ඉඩම් ද සලකා බැලේ. 

සසුනට පිදු දරුවා මේ වන විට පැවිදි කොට වසර තුනක් ගෙවී ගොස් තිබිය යුතු ය.

අමාත්‍යාංශය හෝ එයට අනුබද්ධ සම්බන්ධීකරණ කමිටුව විසින් කැඳවන ලද අයඳුම්පත් ඉදිරිපත් කළ මවක හෝ පියෙකු විය යුතු ය.

අයඳුම්පත් තේරීමේ බලය අමාත්‍යාංශයට හෝ එයට අනුබද්ධ සම්බන්ධීකරණ කමිටුවට හිමවෙන අතර, අයඳුම්පත් ලැබෙන අනුපිළිවෙළට සුදුසුකම් අනුව ප්‍රතිලාභ ලබා දීමට නියමිතයි.

නිවාස අමාත්‍යාංශයේ “ගමට ගෙයක්” ව්‍යාපෘතිය යටතේ එහි කොටසක් ලෙස මිහිඳු නිවහන ව්‍යාපෘතිය මේ වන විට පිළිගෙන තිබේ. 

මෙම නිවාස සාදා දීමෙන් සම්බුද්ධ ශාසනය රැකගැනීමට ඉවහල් වන මූලික කාරණා 04 ක් ඉටුවන බව මිහිදු නිවහන් ව්‍යාපෘතියේ කමිටු සාමාජිකයෝ විශ්වාසය පළ කරති. භික්ෂූන් වහන්සේලාට ගෙදර දොර ප්‍රශ්නවලින් මිදී නිදහසේ ශාසනික කටයුතුවල නිරත වීමට හැකිවීම ඇතුළු කරුණු කිහිපයක් මෙමඟින් සම්පූර්ණ වේ.

මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීම කඩිනම් කිරීමට 2021වසර තුළ පළමු නිවාස 2,000 සාදා නිම කිරීමට සැලසුම් සකස් කර තිබේ. ඉන් අනතුරුව එළැඹෙන සෑම වසරකදීම ගෙවල් 2,000 බැගින් සාදා නිම කිරීමට අපේක්ෂා කෙරේ. මේ අනුව, වසර කිහිපයක් ගත වනවිට ලංකාවේ භික්ෂූන් වහන්සේගේ මවුපියන්ගේ නිවාස ප්‍රශ්නයට විසඳුම් ලැබෙන බවට කමිටු සාමාජිකයන්ගේ විශ්වාසයයි. 

කැලණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය පූජ්‍ය ඉදුගාරේ ධම්මරතන හිමියන්ගේ යෝජනාවක් අනුව මිහිඳු නිවහන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. පූජ්‍ය වලස්මුල්ලේ විමලධම්ම හිමියන්ගේ මූලිකත්වයෙන් පිහිටුවා ඇති අනුකමිටුවේ, පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි, පූජ්‍ය අලුත්පොළ ගුණරත්න හිමි, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, බී.කේ. රංජිත් යන මහත්වරු ඇතුළු නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ සහ ග්‍රාමීය නිවාස ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීහු සෙසු සාමාජිකයෝ ලෙස කටයුතු කරති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අතහැර දමා තිබුණු සෙත්සිරිපාය තුන්වන අදියරේ ඉදිකිරීම් යළිත් ආරම්භ කෙරේ.

ආර්ථික අර්බුදය හේතුවෙන් පසුගිය රජය සමයේ අතහැර දමා තිබුණු සෙත්සිරිපාය තුන්වන අදියරේ ඉදිකිරීම් යලිත් ආරම්භ කෙරේ.....! ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන්, රාජ්‍ය ආයතන...

නැවතත් බොරු කියන්න ජනපති රට වටේ රැස්වීම් තියන්න හදනවා – විපක්ෂ නායක සජිත්

පසුගිය මැතිවරණ 03ටම පෙර වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ මැති ඇමතිවරු කුඹුරට බැස ගොයම් කකා වී කිලෝවක් සඳහා රු. 150ක සහතික මිලක් රටේ නීතිය බවට...

නිවාස අහිමි වූ පවුල් 50ක් වෙනුවෙන් ඉදිකළ “නවෝදයාගම” නිවාස ව්‍යාපෘතිය ජනපති අතින් ජනතා අයිතියට

පූනාගල, කබරගල නායයෑමෙන් නිවාස අහිමි වූ පවුල් 50ක් වෙනුවෙන් ඉදිකළ “නවෝදයාගම” නිවාස ව්‍යාපෘතිය ජනපති අතින් ජනතා අයිතියට මේ රටේ ඉපදී, රටේ ආර්ථිකයට දායකවී, මේ මහපොළවටම...

සූරිච් ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේදීත් හෙල්ල විසිකිරීමේ පළමු ස්ථානය රුමේෂ් තරංගට

සූරිච් ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේදී රුමේෂ් තරංග හෙල්ල විසි කිරීම ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගනී. (දක්ෂතාව 92.07m) 2 වන ස්ථානය ග්‍රෙනඩාහි ඇන්ඩර්සන් පීටර්ස්3...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img