Friday, August 28, 2026
HomeNEWSපෞද්ගලික බස් වර්ජනය ගැන විශේෂ සාකච්ඡාවක්

පෞද්ගලික බස් වර්ජනය ගැන විශේෂ සාකච්ඡාවක්

පෞද්ගලික බස් වර්ජනය ගැන විශේෂ සාකච්ඡාවක්

හෙට (09) දිනයේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති පෞද්ගලික බස් වර්ජනය සම්බන්ධයෙන් අද (08) දින පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව අවසන් එකඟතාවයට පැමිණෙන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ, සිය ගැටලු සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය  අමාත්‍යා අජිත් නිවාඩ් කබ්රාල් මහතා සමග විශේෂ සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත්වෙන බවය.

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් හෙට දිනයේ පෞද්ගලික බස් වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුණි.

කෙසේවෙතත් අද පැවැත්වෙන සාකච්ඡාවෙන් පසු එම වර්ජනය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බව ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.

මේ පිළිබඳ අදහස් දැක්වු ගැමුණු විජේරත්න මහතා,

“අපි පසුගිය 2වනදා විරෝධතා ව්‍යාපාරයක් කළා. ඊට සමගාමීව 9 වනදා අපි බස් ධාවනයෙන් ඉවත්වනවා කියලා දැනුම්දීමක් කරලා තිබුණා. කෙසේවෙතත් පසුගිය දින කිහිපය තුළ 50%ක ප්‍රතිලාභයක් ඒ කියන්නේ අපිට යම් සහන තත්ත්වයක් ඇති වුණා. පළාත් සභාවල ගැටලු කිහිපයක් තියෙනවා. බස්නාහිරි පළාත ඇතුළ තවත් පළාත් කිහිපයක ලොග් බලපත්‍ර නොවැම්බර්, දෙසැම්බර් ඉවත්කරන්න ඔවුන් තවමත් කටයුතු කළේ නැහැ. ඒ වාගේම අපි යොජනා කරලා තිබුණා. බස් රථ ප්‍රතිව්‍යුහගත කරන්න අලුත් ස්ථානයක් කළමණාකරණය කරන්න. ඉතින් ඒවාගේ ඉල්ලීම් කිහිපයක් තියෙනවා.අපි ඉල්ලීම් යෝජනා කරලා තියෙන්නේ කර්මාන්තයේ පැවැත්ම වෙනුවෙන් ඒ වාගේම මහජනතාවට ගුණාත්මක බස් සේවයක් ලබාදීමේ අධිෂ්ඨානයෙන්. අපි බලාපොරොත්තුවෙනවා අද දිනයේ සාකච්ඡාවක් බොහෝ දුරට සාර්ථක වෙයි කියලා.“

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සූරිච් ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේදීත් හෙල්ල විසිකිරීමේ පළමු ස්ථානය රුමේෂ් තරංගට

සූරිච් ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේදී රුමේෂ් තරංග හෙල්ල විසි කිරීම ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගනී. (දක්ෂතාව 92.07m) 2 වන ස්ථානය ග්‍රෙනඩාහි ඇන්ඩර්සන් පීටර්ස්3...

රජය ප්‍රතිපත්ති හදන්නේ බොරු දත්ත මත පදනම්වයි – විපක්ෂ නායක සජිත්

රජය ප්‍රතිපත්ති හදන්නේ බොරු දත්ත මත පදනම්වයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පිට පිටම අවස්ථා දෙකක් මෙරට ජනතාව රැවටුණු බවත් 2019 රැවටී රට බංකොලොත්...

ඓතිහාසික දළදා පෙරහර නැරඹීමට ජනපති එක් වෙයි

ඓතිහාසික දළදා පෙරහර නැරඹීමට ජනපති එක් වෙයි මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් මහා රන්දෝලි පෙරහර අද (27) රාත්‍රියේ වීථි සංචාරය...

නේපාලයේ නාය යෑමක්.. 384 ක් අතුරුදන්

නේපාලයේ නාය යෑමෙන් සංචාරකයන් ඇතුළු 384 ක් අතුරුදන් බවට තොරතුරු. ඉන් 291 ක් විදෙස් සංචාරකයන් වන අතර 93 ක් නේපාල ජාතිකයන් බව විදෙස් මාධ්‍ය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img