Friday, August 28, 2026
HomeNEWSඅගමැතිතුමාගේ උපදෙසින් තවත් රථගාලක ඉදිකිරීමේ කටයුතු හෙට (10) දින ඉබ්බන්වලදී ඇරඹේ.

අගමැතිතුමාගේ උපදෙසින් තවත් රථගාලක ඉදිකිරීමේ කටයුතු හෙට (10) දින ඉබ්බන්වලදී ඇරඹේ.

අගමැතිතුමාගේ උපදෙසින් තවත් රථගාලක ඉදිකිරීමේ කටයුතු හෙට (10) දින ඉබ්බන්වලදී ඇරඹේ.

කොළඹ නගරයේ නිතර පවතින රථ වාහන තදබදය අවම කිරීම සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත ඉදි කරමින් පවතින රථගාල් දොළහේ ව්‍යාපෘතියේ දෙවන රථගාල යූනියන් පෙදෙසේ ඉබ්බන්වල හන්දියේ දී ඉදිකිරීමේ කටයුතු හෙට (10) දින ඇරඹීමට නියමිතයි. 

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වන ආකාරයට රථවාහන තදබදයට පිළියම් යෙදීමට ඉදිරිපත් කර ඇති යෝජනාවලට අනුව කොළඹ නගරයේ මෙන් ම දිවයින පුරා රථාවහන තදබදය පවතින ප්‍රධානන නගරවල නව රථගාල් ඉදිකිරීමට නියමිතයි.

පෙ.ව. 09.00 ට පැවැත්වෙන මෙම රථගාල ඉදිකිරීමේ අවස්ථාව නාගරික සංවර්ධන, වෙරළ සංරක්‍ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිතයි.

යෝජිත රථගාල් 12 න් කොළඹ කොටුව සහ නාරාහේන්පිට යන ප්‍රදේශවල රථගාල් දෙකක ඉදිකිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති අතර ඉබ්බන්වල හන්දියේ දී ඉදිකෙරෙන්නේ තුන්වැනි රථගාලයි.

එකවර රථවාහන 310 ක් නවතා තැබිය හැකි ඉබ්බන්වල හන්දියේ ඉදිකෙරෙන මෙම රථගාලේ, වාහන නවතා තැබීමත් සමඟ ම දැනට එම ප්‍රදේශයේ පවතින වාහන තදබදය අවම වේ. 

මේ අනුව මරදාන පාර, ටී.බී. ජයා මාවත, ධර්මපාල මාවත,යූනියන් පෙදෙස, කිංසි පාර ඇතුළු සෙසු මාර්ගවල පවතින වාහන තදබදයට මෙමඟින් පිළියම් යෙදේ. මේ හේතුව මත කොළඹ මහ රෝහල් පරිශ්‍රය අවට ද වාහන තදබදයට විසඳුම් හිමිවේ. 

ඉබ්බන්වල හංදියේ ඉදිකෙරෙන රථගාල සඳහා මහල් 10කින් යුත් ගොඩනැගිල්ලක් ඉදිකිරීමට නියමිතයි. නාගරික සංවර්ධන අධිකාරියේ උපදෙස් අනුව ඉදිවන නව රථගාලේ 80% ක් රථවාහන නැවැත්වීම සඳහා වෙන් කළ යුතුය. කාර්යාල සංකීර්ණ සහ සාප්පු සංකීර්ණ සඳහා ඉතිරි 20%වෙන්කෙරේ.

මෙහි බිම් මහල, පළමු මහල සහ දෙවන මහල කාර්යාල සහ සාප්පු සංකීර්ණ සඳහා වෙන් කෙරේ. තෙවන මහලේ සිට දසවන මහල දක්වා වෙන් කළ යුත්තේ යෝජිත රථ ගාල ඉදි කිරීම සඳහායි. 

ඉබ්බන්වල හන්දියේ ඉදිකෙරෙන මෙම රථගාල ඉදිකිරීම සඳහා වැය වන මුළු මුදල රුපියල් මිලියන 605 කි.

මෙම රථ ගාල  සඳහා වෙන්කර ඇත්තේ ඉබ්බන්වල හන්දියේ පිහිටා තිබෙන නාගරික සංවර්ධන අධිකාරිය සතු ඉඩමකින් පර්චස් 113 ක් වන අතර මෙම රථගාල වර්ග අඩි 31,000 කින් සමන්විත වේ. 

එම ප්‍රමාණයෙන් වර්ග අඩි 20,000 ක බිම් කොටසක් මත ඉදිවන මෙම ගොඩනැගිල්ල මහල් 10 භූමි ප්‍රමාණයේ එකතුව වර්ග අඩි ලක්ෂ දෙකකි. මෙයින් වර්ග අඩි 40,000ක් කාර්යාල සංකීර්ණ සහ සාප්පු සංකීර්ණ සඳහාත්, වර්ග අඩි එක්ලක්ෂ හැටදහසක් රථගාල සඳහාත් වෙන් කිරීමට නියමිතය.

මේ අනුව ඉදිවන රථගාල ප්‍රසිද්ධ මහජන රථගාලක් ලෙස භාවිතයට ගැනීම කළ යුතුය යන මූලික සහ ප්‍රධාන කොන්දේසි යටතේ එය අනිවාර්ය කර තිබේ.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් අනුව නාගරික සංවර්ධන, වෙරළ සංරක්‍ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ මෙහෙයවීමෙන් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, වරලත් වාස්තු විද්‍යාඥ හර්ෂාන් ද සිල්වා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර යන මහත්වරුන්ගේ අධික්ෂණයෙන් නාගරික සංවර්ධන අධිකාරිය මඟින් රථගාල ඉදිකිරීමේ කටයුතු අධික්ෂණය කරනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රජය ප්‍රතිපත්ති හදන්නේ බොරු දත්ත මත පදනම්වයි – විපක්ෂ නායක සජිත්

රජය ප්‍රතිපත්ති හදන්නේ බොරු දත්ත මත පදනම්වයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පිට පිටම අවස්ථා දෙකක් මෙරට ජනතාව රැවටුණු බවත් 2019 රැවටී රට බංකොලොත්...

ඓතිහාසික දළදා පෙරහර නැරඹීමට ජනපති එක් වෙයි

ඓතිහාසික දළදා පෙරහර නැරඹීමට ජනපති එක් වෙයි මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් මහා රන්දෝලි පෙරහර අද (27) රාත්‍රියේ වීථි සංචාරය...

නේපාලයේ නාය යෑමක්.. 384 ක් අතුරුදන්

නේපාලයේ නාය යෑමෙන් සංචාරකයන් ඇතුළු 384 ක් අතුරුදන් බවට තොරතුරු. ඉන් 291 ක් විදෙස් සංචාරකයන් වන අතර 93 ක් නේපාල ජාතිකයන් බව විදෙස් මාධ්‍ය...

ජනප්‍රිය ඇමෙරිකානු ගායිකා ඩොලී පාර්ටන් මියයයි

ජනප්‍රිය ඇමෙරිකානු ගායිකා ඩොලී පාර්ටන් (80) පිළිකා රෝගයක් හේතුවෙන් මියයයි - විදෙස් මාධ්‍යය.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img