Sunday, August 23, 2026
HomeNEWS“කැකුළු තුරු උදානය” ළමා රුක් රෝපණ ජාතික වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ ....

“කැකුළු තුරු උදානය” ළමා රුක් රෝපණ ජාතික වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ ….

“කැකුළු තුරු උදානය” ළමා රුක් රෝපණ ජාතික වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ ….


“කැකුළු තුරු උදානය” ළමා රුක් රෝපණ ජාතික වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (15) පෙරවරුවේ ගම්පොළ අටබාගේ විමලධර්ම ජාතික පාසල් භූමියේදී ආරම්භ කෙරිණ.

සෑම වසරකම පළමු වැනි ශ්‍රේණියට පිවිසෙන දරු දැරියන් සංඛ්‍යාව තුන් ලක්ෂ පනස්දහසකට ආසන්නය. ඔවුන් පරිසරයට ආදරය කරන පුරවැසියන් බවට පත්කිරීම සහ “සෞභාග්‍යයේ දැක්ම” හඳුන්වා දුන් තිරසර පරිසර ප්‍රතිපත්තියට අනුව අනාගත පරපුරට සුරක්ෂිත පරිසර පද්ධතියක් දායාද කිරීම වැඩසටහනේ අරමුණයි.

ජනාධිපතිතුමා සහ මැති ඇමතිවරු දරුවන් සමග එක්ව පැළ රෝපණය කරමින් “කැකුළු තුරු උදානය” වැඩසටහන ආරම්භ කළහ. 

පොත පතට යොමුව විභාග මානසිකත්වයක පසුවන සිසුන් වගාවට උනන්දු කරවීමෙන් යහපත් මානසිකත්වයක් ඇති කිරීම මේ සංකල්පයේ අපේක්ෂාවකැයි රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පැවසීය.

කෘෂිකර්ම සහ අධ්‍යාපන අමාත්‍යාංශ එක්ව වැඩසටහන ක්‍රියාවට නංවයි. අද ඇරඹුණු  “කැකුළු තුරු උදානය”වාර්ෂිකව ඉදිරියට යයි. වසර 05ක් ගත වන විට කොස්, දෙල්, පොල්, අඹ ඇතුළු පැල ලක්ෂ 17ක් දරුවන්ගේ අධීක්ෂණයෙන් පරිසරයට එක් කිරීම රජයේ ඉලක්කයයි. නාගරික  දරු දැරියන්ට තම ප්‍රදේශවලට ගැලපෙන කුඩා ප්‍රමාණයේ ශාඛ සහ  ගෙවතු රහිත නිවාසවල පදිංචි දරුවන්ට බඳුන්ගත පැළයක් සපයනු ලැබේ.

පැළ බෙදාදීම කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය මගින් කෙරෙන අතර, ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන් මගින් වාර්ෂිකව දරුවා සහ පැලය පිළිබඳ වාර්තාවක් සැකසීමට ද සැලසුම් කර ඇත. 

සංකේතාත්මකව දරුවන් අතර පැළ බෙදා දීම ජනාධිපතිතුමා විසින් සිදු කරනු ලැබීය.

2021 වසරේ පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීම සංකේතවත් කරමින් ජනාධිපතිතුමා අටබාගේ විමලධර්ම විද්‍යාලයට ඇතුළත්වන දරුවෙකුගේ නම ලියාපදිංචි කොට පාසල් ලොග් සටහන් පොතෙහි සටහනක් තැබීය.

මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව කොවිඩ් අරමුදල උදෙසා රැස් කළ රුපියල් ලක්ෂ 63ක මුදලට අදාළ චෙක්පත ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා ජනාධිපතිතුමා වෙත භාර දුන්නේය. 

රාජපක්ෂ මැතිතුමා, කොවිඩ් අරමුදලට සිය මාසික වැටුප පරිත්‍යාග කළ ගුරුවරුන් තිදෙනෙකුට ප්‍රශංසා සහතික පත් ප්‍රදානය කළේය. 

ජනාධිපතිතුමා අටබාගේ විමලධර්ම ජාතික පාසලට පැමිණීම ගැන ගෞරව දක්වමින් විදුහල්පති පූජ්‍ය රූපහ සෝනුත්තර හිමියෝ, ආචාර්ය මණ්ඩලය සහ දරුවන් සමග එක්ව උපහාර තිළිණයක් පිළිගැන්වූහ.

2021 වසර සඳහා විමලධර්ම ජාතික පාසලේ පළමු වැනි ශ්‍රේණියට අතුළත්වන සිසුන් සහ ශිෂ්‍ය නායක නායිකාවන් සමග ජනාධිපතිතුමා ඇතුළු මැති ඇමතිවරු ඡායාරූපයකට පෙනී සිටියහ. 

විද්‍යාලයේ ඉගෙනුම ලැබූ අනුෂ්ක ඉමේෂාන් තමා සිතුවමට නැගූ ජනාධිපතිතුමාගේ රුව එතුමා වෙත පිළිගැන්වුයේය. 

  උත්සවයට සහභාගීවීමට උඩගම මහජන ක්‍රීඩාංගණයට පැමිණි ජනාධිපතිතුමා රැස්ව සිටි ජනතාව සමග කතා බහක නිරත වෙමින් ප්‍රදේශයේ අඩු පාඩු සහ ඔවුන් මුහුණ දෙන ගැටළු පිළිබඳව විමසා බැලීය.

ජනතාව  කළ ඉල්ලීම ඉටුකරමින් උඩගම කලවැල්ගොල්ල මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමටත්, පානීය ජල ගැටළුව පිළිබඳව අදාළ නිලධාරීන් දැනුවත් කිරීමටත් පියවර ගන්නා බව එතුමා පැවසීය. 

උඩගම මහජන ක්‍රීඩාංගණය සහ විමලධර්ම විද්‍යාලය අතර ඇති අටබාගේ රාජානන්ද විද්‍යාලය ඉදිරිපිටට පැමිණ සිටි දරුවන්ගෙන් ද ජනාධිපතිතුමා තොරතුරු විමසීය. දරුවන් කළ ඉල්ලීමට අනුව පාසලේ ක්‍රීඩාපිටියේ සහ අඩක් නිමකර ඇති ගොඩනැගිල්ලේ වැඩ අවසන් කර දෙන බව ජනාධිපතිතුමා සඳහන් කළේය. 

අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු. ගමගේ, ශෂීන්ද්‍ර රාජපක්ෂ, අනුරාධ ජයරත්න යන මහත්වරු උත්සව සභාව ඇමතූහ. ලොහාන් රත්වත්තේ, පියල් නිශාන්ත යන රාජ්‍ය අමාත්‍යවරු , උදයන කිරිඳිගොඩ, වසන්ත යාපා බණ්ඩාර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, අමාත්‍යාංශ ලේකම්වරු සහ නිලධාරීහූ ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ලබන වසරේ සිට ඇරඹෙන විදුලි දුම්රිය

කොළඹ නගරය සහ තදාසන්න ප්‍රදේශ ආවරණය වන පරිදි නව විදුලි දුම්රිය ව්‍යාපෘතියක කටයුතු ලබන වසරේදී ආරම්භ කිරීමට නියමිත බව පළාත් සභා සහ පළාත් පාලන...

22 සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පවත්වන්නැයි ITAK ඉල්ලයි

යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්විය යුතු බව ඉලංකෛ තමිළ් අරසු කච්චි අවධාරණය කරයි. පසුගියදා පැවැති එම පක්ෂ දේශපාලන මණ්ඩල රැස්වීමේදී...

25වැනිදායින් පසු කාලගුණයේ වෙනසක්

එළැඹෙන 25 වැනිදා සිට නිරිතදිග ප්‍රදේශ ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපයක වැසි තත්ත්වයේ යම් වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ...

ශ්‍රේෂ්ඨාධිකරණය සතු කාර්යභාරය ඇමතිවරුන් ප්‍රකාශ කිරීම බරපතල තත්ත්වයක්- දිනන දකුණ

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් වූ නිශ්චිත ක්‍රියාවලියක් සිදු වෙමින් පවතින මොහොතක ශ්‍රේෂ්ඨාධිකරණය සතු කාර්යභාරය රටේ අධිකරණ අමාත්‍යවරයා විසින් කල් ඇතිව ප්‍රකාශයට පත්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img