Sunday, August 23, 2026
HomeNEWSඅග්‍රාමාත්‍යතුමා වයඹ, මධ්‍යම, ඌව හා දකුණු පළාත් ජල සම්පාදන ව්‍යාපෘති ප්‍රගතිය විමසයි

අග්‍රාමාත්‍යතුමා වයඹ, මධ්‍යම, ඌව හා දකුණු පළාත් ජල සම්පාදන ව්‍යාපෘති ප්‍රගතිය විමසයි

අග්‍රාමාත්‍යතුමා වයඹ, මධ්‍යම, ඌව හා දකුණු පළාත් ජල සම්පාදන ව්‍යාපෘති ප්‍රගතිය විමසයි

වයඹ, මධ්‍යම, ඌව හා දකුණු පළාත්වල ක්‍රියාත්මක ජල සම්පාදන ව්‍යාපෘතිවල ප්‍රගතිය අද 2021.02.15 දින ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ විමසුමට ලක් විය.

මෙම පළාත්වල ජලසම්පාදන ව්‍යාපෘති  ප්‍රගතිය, ඒවා කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු ආකාරය හා 2024 වන විට එම සියලු ව්‍යාපෘති අවසන් කිරීම පිළිබඳව අරලියගහ මන්දිරයේ දී සාකච්ඡාවක් කැඳවා තිබිණි.

පසුගිය ආණ්ඩු සමයේ   ජලාපවහන අමාත්‍යංශය යටතේ වසරකට ලබා දී තිබුණේ නව ජල සම්බන්ධතා එක් ලක්ෂ විසිපන්දාහක් පමණ වුවද නව රජය යටතේ එය, වසරකට නව ජල සම්බන්ධතා ලක්ෂ හතරක් දීම දක්වා ඉහළ දමා ඇති බව ජල සම්පාදන අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය  ප්‍රියත් බන්දු වික්‍රම මහතා මෙහි දී පෙන්වා දුන්නේය.

2021 වසරේ සිට එය නව ජල සබන්ධතා ලක්ෂ පහක් දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වන බව හෙතම පැවසීය.

එසේම, ඉදිරියේදී නව ජල සබඳතා ලබාදීම ක්‍රමවත් කරමින්, මාර්ග කඩා ජල නළ එළීම සිදු නොකරන බවත්, ඒ වෙනුවට උමං මාර්ගයක් ඔස්සේ නළ එළමින් ජල සබඳතා ලබාදීමට බලාපොරොත්තු වන බවත් අචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා ප්‍රකාශ කළේය.

මාර්ග ඔස්සේ නළ පද්ධති එළීමේදී නව ජල සබඳතා සඳහා වෙන් කරනු ලබන මුදලින් සියයට හතලිහක පමණ මුදලක් වන්දි ගෙවීමට වැය වන බවත්, උමං මාර්ග භාවිත කිරීම තුළින් එම මුදල් ඉතිරි කර ගත හැකි බවත් ලේකම්වරයා පැවසීය.

මෙම අවස්ථාවට එක් වූ ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග මහතා ප්‍රකාශ කර සිටියේ ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ මාසික ආදායම මේ වන විට මිලියන 28 ක් වන අතර, ඉදිරියේදී එය මිලියන 40ක් දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වන බවයි.

වර්ෂ 2024 වන විට සැමට පිරිසිදු පානීය ජලය ලබාදීමට නව රජය යටතේ කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද මෙහිදී අවධාරණය කළේය.

මෙම අවස්ථාව සඳහා අමාත්‍ය වාසුදේව නානායක්කාර, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්.ආටිගල, ජල සම්පාදන අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම, ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග  මහත්වරු අතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ලබන වසරේ සිට ඇරඹෙන විදුලි දුම්රිය

කොළඹ නගරය සහ තදාසන්න ප්‍රදේශ ආවරණය වන පරිදි නව විදුලි දුම්රිය ව්‍යාපෘතියක කටයුතු ලබන වසරේදී ආරම්භ කිරීමට නියමිත බව පළාත් සභා සහ පළාත් පාලන...

22 සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පවත්වන්නැයි ITAK ඉල්ලයි

යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්විය යුතු බව ඉලංකෛ තමිළ් අරසු කච්චි අවධාරණය කරයි. පසුගියදා පැවැති එම පක්ෂ දේශපාලන මණ්ඩල රැස්වීමේදී...

25වැනිදායින් පසු කාලගුණයේ වෙනසක්

එළැඹෙන 25 වැනිදා සිට නිරිතදිග ප්‍රදේශ ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපයක වැසි තත්ත්වයේ යම් වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ...

ශ්‍රේෂ්ඨාධිකරණය සතු කාර්යභාරය ඇමතිවරුන් ප්‍රකාශ කිරීම බරපතල තත්ත්වයක්- දිනන දකුණ

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් වූ නිශ්චිත ක්‍රියාවලියක් සිදු වෙමින් පවතින මොහොතක ශ්‍රේෂ්ඨාධිකරණය සතු කාර්යභාරය රටේ අධිකරණ අමාත්‍යවරයා විසින් කල් ඇතිව ප්‍රකාශයට පත්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img