මාධ්‍ය නිවේදනයයි
මඩකලපුව දිස්ත්‍රික්කයේ පැතිර යන ඩෙංගු රෝගය පාලනය කිරීම සඳහා අවශ්‍ය කඩිනම් තීන්දු තීරණ ගැනීමේ විශේෂ හමුවක් නැගෙනහිර පලාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ පෙරවරුවේ ත්‍රිකුණාමලයේ පිහිටි ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
එහිදී වෛද්‍යවරුන් විසින් මේ වන විට මඩකලපුව දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමට හේතු වූ කරුණු කාරණා රැසක් හෙළි කළේය. ඩෙංගු රෝගය පාලනය කිරිම සඳහා ඩකලපුව නගර සභාවෙන් ලැබෙන සහයෝගය ඉතා මන්දගාමී බව මෙහිදී වෛද්‍යවරුන් පැවසූහ. එහිදී ආණ්ඩුකාරවරිය මඩකලපුව නාගරික කොමසාරිස් වරයාට නියෝග කළේ ඩෙංගු රෝගය පාලනය කිරීම සඳහා අවශ්‍ය උපරිම සහාය ලබාදීමට කටයුතු කරන ලෙස ය. කැලිකසල බැහැර කිරීමේ දී එය ඉතා විධිමත්ව සිදු කරන ලෙස ජනතාවට දැනුම් දෙන ලෙසද ආණ්ඩුකාරවරිය කීවාය.
මේ අවස්ථාවට ඩෙංගු මර්දන කාර්යාංශය නියෝජනය කරමින් විශේෂ නියෝජිතයින් පිරිසක් ද, ආණ්ඩුකාර ලේකම් එල් පී මදනායක, පළාත් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, මඩකලපුව දිස්ත්‍රික්කයේ රෝහල් අධ්‍යක්ෂවරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.






















