Saturday, August 22, 2026
HomeNEWSඉන්දියාව හෝ වෙනත් කිසිදු රටකට ශ්‍රී ලංකාවට බලපෑම් කිරීමට අයිතියක් නෑ.

ඉන්දියාව හෝ වෙනත් කිසිදු රටකට ශ්‍රී ලංකාවට බලපෑම් කිරීමට අයිතියක් නෑ.

ඉන්දියාව හෝ වෙනත් කිසිදු රටකට ශ්‍රී ලංකාවට බලපෑම් කිරීමට අයිතියක් නෑ.

ඉන්දියාව හෝ වෙනත් කිසිදු රටකට ශ්‍රී ලංකාවට බලපෑම් කිරීමේ කිසිදු අයිතියක් නොමැති බවත් මෙරට ස්වෛරීභාවයට හෝ භෞමික අඛණ්ඩතාවයට අබමල් රේණුවක හෝ හානායක් සිදුවීමට වත්මන් රජය ඉඩ නොතබන බවත් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

ඉන්දියානු භාරතිය ජනතා පක්ෂයේ ආණ්ඩුවක් මෙරට පිහිටුවීමට කටයුතු කරන බවට ඉන්දියානු ස්වදේශ කටයුතු ඇමතිවරයා කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් මතු කල ප්‍රශ්ණ වලට පිළිතුරු දෙමින් ඇමතිවරයා ඊයේ (16) මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා මෙසේද කීවේය.

“ 2015 දී යහපාලන ආණුඩව බිහිවූයේ ඇතැම් විදේශ රටවල සහයෝගයෙන්.ඒක හංගන්න දෙයක් නෙමෙයි.ඊට පස්සේ ආණ්ඩුව ඇතැම් විදේශ රටවල රූකඩයක් විදියට තමයි ක්‍රියාත්මක වුණේ.එහෙම ආණ්ඩුවක් එක්ක ගනුදෙනු කරපු ඇතැම් අය තවමත් හිතාගෙන ඉන්නේ බලයේ තියෙන්නේ ඒ වගේම ආණ්ඩුවක් කියලා.ඒ නිසා විවිධ බලපෑම් එනවා.අපි ශක්තිමත් ආණ්ඩුවක්.අපිට ඕනෑම බලපෑමකට මුහුණ දෙන්න පුළුවන්.ලංකාව තුල පක්ෂයක් ඡන්දය ඉල්ලනවා නම් ලියාපදිංචි වෙන්න ඕන.ඉන්දියාවේ ඉඳන් මෙහෙ  දේශපාලන පක්ෂ පිහිටුවන්න බෑ.ඕවා දේශපාලන වාසි ගන්න කරන ප්‍රකාශ.ඒවාට අපි කලබල වෙන්නෙ නෑ.නිල වශයෙන් ඉන්දියානු රජය ප්‍රකාශය කලොත් රජයත් නිල වශයෙන් ඊට ප්‍රතිචාර දක්වාවි.

මේ රටේ දමිළ ජනතාවට සාධාරණයක් ඉටු කලේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා.සයනයිඩ් කරල එල්ලන් හිටපු දරුවන්ට ආපහු අනාගත සුරක්ෂිතතාව ඇති කලේ මහින්ද රාජපක්ෂ මැතිතුමා.යුද්ධය අවසන් කරලා උතුරු නැගෙනහිර සංවර්ධනය කලා.දෙමළ සන්ධානය හැමදාම කටයුතු කලේ ඒ අයගේ වාසියට.අවුරුදු ගණනක් යහපාලනය එක්ක දීග කෑවා.මොනවද උතුරේ ජනතාවට කලේ.අදත් ඔවුන් කටයුතු කරන්නේ මේ රටේ ජාතිභේදය අවුස්සන්නයි.ඒ නිසා ඔවුන් ඉන්දියාවට හා පිටරටවලට කේලම් කියන එක සාමාන්‍ය දෙයක්.නමුත් අපි කොටි ත්‍රස්තවාදයට නම් නැවත රට තුල හිස ඔසවන්න ඉඩ  තබන්නේ නෑ.ඒ වගේම ප්‍රභාකරන්ට යුද්ධයෙන් දිනාගත නොහැකි වූ දේ රිදී බන්දේසියක තබා දෙන්නත් අපි ලෑස්ති නෑ.ඒ නිසා කවුරු කා හරහා මොන විදියට රටට එරෙහිව කටයුතු කලත්, මොන විදියේ යෝජනා ක්‍රියාත්මක කරන්න හැදුවත් මේ රට තුල ඒ සඳහා ඊට ඉඩක් ලැබෙන්නේ නැහැ.කොවිඩ් නව ප්‍රභේද පැතිරයාම නිසා රට ලොක්ඩවුන් කරනවාදැයි මෙහිදී මාධ්‍යවේදියෙකු ප්‍රශ්ණයක් මතුකල අතර ඊට ප්‍රතිචාර දැක්වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කලේ එය සෞඛ්‍ය අංශ ගතයුතු තීන්දුවක් බවයි.කොවිඩ් වසංගතය රටට පැමිණීමෙන් පසු එය පාලනය කිරීම සඳහා රජය සෞඛ්‍ය හා ආරක්ෂක අංශ කෙරෙහි පූර්ණ විශ්වාසය තබා ඇති බවත් සෞඛ්‍ය අංශ නිර්දේශ අනුව පමණක් අවශ්‍ය පියවර ගනු ලබන බවත් ඇමතිවරයා කීවේය.කෙසේ වෙතත් කොවිඩ් එන්නත ලබාදිය හැකි මෙරට සියලු ජනතාවට ලබාදීමට කටයුතු කරමින් සිටින බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇති කරගත නොගත යුතු බවත් කල යුත්තේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කිරීම ’’ බවත් ඔහු කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ධීවරයින්ට සහ නාවිකයින්ට කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්

කන්කසන්තුරය සිට මන්නාරම හරහා හලාවත දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 50-60 දක්වා...

වාමවාදී දේශපාලනයෙත් දක්ෂිණාංශික දේශපාලනයෙත් හොඳ ලක්ෂණ පමණක් අපි ලබා ගත යුතුයි – විපක්ෂ නායක සජිත්

මෙරට කලා ක්ෂේත්‍රයට කීර්තිමත් සේවාවක් ඉටු කළ අද දින දැයෙන් සමුගන්නා ප්‍රවීන ගායන ශිල්පිනි නන්දා මාලිනී ගෞරවනීය කලාකාරිනියක් බවත්, මානව හිතවාදීත්වයෙන් යුක්තව තරුණයන් තාරුණ්‍ය...

සුගීෂ්වර බණ්ඩාර බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරේ

බන්ධනාගාරගතව සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම්, සුගීෂ්වර බණ්ඩාර මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ. ඒ, ඔහුගේ පාදයේ ඇති තුවාල තත්ත්වයක් වර්ධනයවීමත්...

නන්දා මාලනීගේ අභාවය වෙනුවෙන් ජනපති නිකුත්කළ ශෝක පණිවුඩය

නන්දා මාලනිය ඇය ගත දැරූ ධවල වස්ත්‍රය සේම අදීන ප්‍රතිපත්තිගරුකභාවයෙන් සහ පටු පරමාර්ථවලින් නොකිළිටිව සිටි බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. අභාවප්‍රාප්ත නන්දා මාලනී...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img