Saturday, August 22, 2026
HomeNEWSඅභියෝග ජය ගනිමින් සංචාරක ක්ෂේත්‍රයේනව ගමනකට සූදානම් වන්න .සංචාරක ව්‍යවසායකයන්ට ජනපති කියයි...

අභියෝග ජය ගනිමින් සංචාරක ක්ෂේත්‍රයේනව ගමනකට සූදානම් වන්න .සංචාරක ව්‍යවසායකයන්ට ජනපති කියයි …

අභියෝග ජය ගනිමින් සංචාරක ක්ෂේත්‍රයේනව ගමනකට සූදානම් වන්න .සංචාරක ව්‍යවසායකයන්ට ජනපති කියයි …

පවතින කොවිඩ් – 19 හමුවේ මහජන ආරක්ෂාවට පනවා ඇති සෞඛ්‍ය සීමා  හැර සංචාරකයන් සඳහා සියලු පහසුකම් සැලසීමට රජය කටයුතු කර තිබේ. සංචාරක ව්‍යාපාරය මෙරට ජාතික ආර්ථිකයේ ප්‍රධාන ඉලක්කයක් බැවින් අභියෝග ජය ගනිමින් ක්ෂේත්‍රයේ නව ගමනකට සූදානම් වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ක්ෂේත්‍රයේ ව්‍යවසායකයින්ට කියයි. 

සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය පිළිබඳ අද (17) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ අදහස් දැක්වීය. ක්ෂේත්‍රයට අදාළ රේඛීය ආයතන ප්‍රධානීහු සහ  ප්‍රමුඛ පෙළේ ව්‍යාවසායකයෝ සාකච්ඡාවට එක්ව සිටියහ. 

කොවිඩ් මර්ධන එන්නත ලබාදීමේ දී හෝටල් සේවකයන්, සංචාරක මඟ පෙන්වන්නන් හා රියැදුරන් වැනි කාර්ය මණ්ඩල සඳහා ප්‍රමුඛතාවය දැක්වීම කෙරෙහි ද සාකච්ඡා විය. සංචාරකයන් ආසාදිතයන් නොවන අවස්ථාවල පහසුකම් සපයන්නන් නිරෝධායනයට ලක් කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව යෝජනා කෙරිණ. 

ආසාදිත සංචාරකයන් ලංකා හොස්පිටල් (පුද්) වෙත සහ ශ්‍රී ලංකා යුද හමුදාව විසින් කොග්ගල පවත්වාගෙන යන රෝහල වෙත යොමු කිරීමට ද තීරණය විය. අනුමත කරගත් සංචාරක සැලැස්ම අනුව සංචාරකයන් මෙහෙයවීම පිළිබඳ දැඩි අවධානය යොමුකරන ලෙස  ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 

සංචාරකයන්ගේ පහසුකම් පිළිබඳව හා සංචාරය නිමවා පිටව යන අවස්ථාවේ ඔවුන්ගේ ප්‍රතිචාර පිළිබඳ අවධානය යොමු කරන ලෙස ද උපදෙස් දෙනු ලැබිණ.

සියලු සහන රජයෙන් ලැබී ඇති බැවින් නිසි සැලසුම් ඔස්සේ ඉදිරි ඉලක්ක සපුරා ගැනීමට කටයුතු කරන බව ව්‍යවසායකයෝ පැවසූහ.

කොවිඩ් සමයේ පැමිණි සංචාරකයන් අතුරින් ආසාදිත සංචාරකයන්ගේ ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස 1% කට අඩු බව සාකච්ඡාවේ දී අනාවරණය කෙරිණ. කොවිඩ් මර්ධන ලෝක ශ්‍රේණිගත කිරීම්වල 10 වැනි ස්ථානයේ පසුවීමේ වාසිය සංචාරක ක්ෂේත්‍රයේ දියුණුවට යොදාගත හැකි බවත්, මෙම අභියෝගාත්මක කාල පරිච්ඡේදයේ දී  සෞඛ්‍ය අංශවල නිර්දේශ සැලකිල්ලට ගනිමින් සංචාරක ක්ෂේත්‍රය නගා සිටුවීමට එහි නියැලෙන්නන් කටයුතු කළ යුතු බවත්ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකා ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා සඳහන් ක‍ළේය.

සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග, වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ,  ඩී.වී. චානක යන රාජ්‍ය අමාත්‍යවරු, ජනාධිපති ලේකම් පි.බී. ජයසුන්දර මහතා ප්‍රමුඛ අමාත්‍යාංශ ලේකම්වරු, සංචාරක කරමාන්තයට අදාළ රාජ්‍ය ආයතන ප්‍රධානීහු සහ කොවිඩ් මර්ධන කාර්ය සාධක බලකායේ සාමාජිකයෝ ඇතුළු පිරිසක් සාකච්ඡාවට එක්ව සිටියහ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

එල්-නිනෝ තත්ත්වයේ වර්ධනයන් සැලකිල්ලට ගනිමින් සැලසුම් සකස් කරන්න-ජනපති

පළාත් සභා මගින් ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ 2027 අයවැය සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන් එල්-නිනෝ තත්ත්වයේ වර්ධනයන් සැලකිල්ලට ගනිමින් සැලසුම් සකස් කරන්න කුඩා සහ මධ්‍ය...

ඩයමන්ඩ් ලීග් තරගාවලියේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේන් රුමේෂ් තරංගට ප්‍රථම ස්ථානය

ස්විටසර්ලන්තයේ ලුසෑන්හි පැවති "ඩයමන්ඩ් ලීග්" තරගාවලියේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය රුමේෂ් තරංගට. දක්ෂතාව මී:88.14 ක්. එය මෙම තරග වාරයේ ඔහුගේ 3 වන...

පවුම් මිලියන 9.5ක් පුවත්පතකට ගෙවන ලෙසට හැරී කුමරු ඇතුළු සත් දෙනෙකුට අධිකරණ නියෝගයක්

බ්‍රිතාන්‍යය‍ේ ඩේලි මේල් පුවත්පතට එරෙහිව පෞද්ගලිකත්වය සම්බන්ධයෙන් පැවරූ නඩුව පරාජය වීමත් සමග හැරී කුමරු ඇතුළු සත් දෙනෙකුට පවුම් මිලියන 9.5ක් පුවත්පතට ගෙවන ලෙස එරට...

මරණ දඬුවම හා ජීවිතාන්ත සිරකරුවන්ට ජනපති සමාව දීම ගැන කමිටු වාර්තාව කඩිනමින් කැබිනට්ටුවට: අධිකරණ ඇමති

මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටින සිරකරුවන්ට ජනාධිපති පොදු සමාව ලබාදීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමේ අරමුණින් පත් කළ කමිටුවේ වාර්තාව...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img