Saturday, August 22, 2026
HomeNEWSමට දැනුනේ පුදුම වේදනාවක් - රජීව් ගාන්ධි ඝාතනය ගැන රාහුල් කථා කරයි

මට දැනුනේ පුදුම වේදනාවක් – රජීව් ගාන්ධි ඝාතනය ගැන රාහුල් කථා කරයි

මට දැනුනේ පුදුම වේදනාවක් – රජීව් ගාන්ධි ඝාතනය ගැන රාහුල් කථා කරයි 

එල් ටී ටී ඊ මරාගෙන මැරුණු බෝම්බකාරිනියක් විසින් තම පියා ව ඝාතනය කිරීම සම්බන්ධයෙන් තමාට දුකක් ඇතිවුව ද තමා එම ඝාතකයින්ට සමාව දුන්බව ඉන්දීය කොංග්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධි පවසයි.  

මැතිවරණ රැස්වීමකට එක්වීමට ගොස් සිටියදී 1991 වසරේදී ධනු නමින් හැඳින්වූ එල් ටී ටී ඊ මරාගෙන මැරුණු බෝම්බකාරිනියක් විසින් හිටපු ඉන්දීය අගමැති රජීව් ගාන්ධි ව ඝාතනය කරන ලදි.

පුදුචේරි හි පිහිටා ඇති භාරතීදාසන් කාන්තාවන් සඳහා වූ රජයේ විද්‍යාලයේ පැවති උත්සවයකදී සිසුවියන් සමග අදහස් හුවමාරු කරගනිමින් ඔහු පැවසුවේ තම පියා ව ඝාතනය කිරීමෙන් පසු ඔහු විවිධ කටුක අත්දැකීම්වලට මුහුණදුන් බවය. 

කලහකාරීත්වය තේරුමක් නොමැති දෙයක් බව ඔහු පැවසීය.

“මට කා ගැනවත් වෛරයක් නෑ. මට මගේ තාත්තා නැතිවුණා. ඇත්තටම ඒක මහ අමාරු කාලයක්. එය යමෙක් ඔබගේ හදවත කපලා එළියට ගත්තා වගේ. මට දැනුනේ පුදුම වේදනාවක්. නමුත් මට වෛරයක් නෑ. මට ක්‍රෝධයක් නෑ. මම සමාව දුන්නා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

එල්-නිනෝ තත්ත්වයේ වර්ධනයන් සැලකිල්ලට ගනිමින් සැලසුම් සකස් කරන්න-ජනපති

පළාත් සභා මගින් ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ 2027 අයවැය සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන් එල්-නිනෝ තත්ත්වයේ වර්ධනයන් සැලකිල්ලට ගනිමින් සැලසුම් සකස් කරන්න කුඩා සහ මධ්‍ය...

ඩයමන්ඩ් ලීග් තරගාවලියේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේන් රුමේෂ් තරංගට ප්‍රථම ස්ථානය

ස්විටසර්ලන්තයේ ලුසෑන්හි පැවති "ඩයමන්ඩ් ලීග්" තරගාවලියේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය රුමේෂ් තරංගට. දක්ෂතාව මී:88.14 ක්. එය මෙම තරග වාරයේ ඔහුගේ 3 වන...

පවුම් මිලියන 9.5ක් පුවත්පතකට ගෙවන ලෙසට හැරී කුමරු ඇතුළු සත් දෙනෙකුට අධිකරණ නියෝගයක්

බ්‍රිතාන්‍යය‍ේ ඩේලි මේල් පුවත්පතට එරෙහිව පෞද්ගලිකත්වය සම්බන්ධයෙන් පැවරූ නඩුව පරාජය වීමත් සමග හැරී කුමරු ඇතුළු සත් දෙනෙකුට පවුම් මිලියන 9.5ක් පුවත්පතට ගෙවන ලෙස එරට...

මරණ දඬුවම හා ජීවිතාන්ත සිරකරුවන්ට ජනපති සමාව දීම ගැන කමිටු වාර්තාව කඩිනමින් කැබිනට්ටුවට: අධිකරණ ඇමති

මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටින සිරකරුවන්ට ජනාධිපති පොදු සමාව ලබාදීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමේ අරමුණින් පත් කළ කමිටුවේ වාර්තාව...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img