පොලිස් කොමිසම සහ පොලිස්පතිවරයා අතර හමුවක්
පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා සහ පොලිස් කොමිසමේ සාමාජිකයින් අතර සාකච්ඡාවක් අද (19) පැවැත්වීමට නියමිතව තිබේ.
නව පොලිස් කොමිසම පත්කිරීමෙන් පසු පොලිස්පතිවරයා සහ කොමිසම අතර පැවැත්වෙන පළමු සාකච්ඡාව මෙය බව් වාර්තා වේ.
එම සාකච්ඡාව සඳහා පොලිස්පතිවරයාට අමතරව සියලුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ද කැඳවා තිබේ.
අද උදෑසන 9.30ට පොලිස් කොමිසමේ සභාපති හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් කොමිසමේ කටයුතු ඇරඹේ.
මෙහිදි පොලිස් කොමිසම මගින් පොලීසියට ලබාදිය යුතු සහයෝගය සහ මඟපෙන්වීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.
එමෙන්ම දැනට උද්ගතව ඇති ප්‍රශ්න සහ ගැටලු රැසක් පිළිබදව ද අද දිනයේ දී සාකච්ඡා කිරීමට නියමිත බව පොලිස් කොමිසමේ උසස් නිලධාරියයෙකු සඳහන් කළේය.






















