දඹුල්ලේ පරිසර විනාශයක් ?
දඹුල්ල රන්දෙණිය ප්‍රදේශයේ රජයේ රක්ෂිතයකට මායිම්ව පෞද්ගලික අයකුට අයිති බව කියන විශාල කන්දක පවත්වාගෙන යන බොරළු කැපීමේ ක්‍රියාවලිය පිළිබඳ ව පරීක්ෂණයක් පවත්වා සිදුව ඇති පරිසර විනාශයට සහ බලපත්‍ර ලබාදීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කරන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව “සිංහලේ අපි ජාතික සංවිධානයේ” සභාපති ජඹුරේවෙල චන්දරතන හිමියෝ ඉල්ලා සිටිති.
මෙම ස්ථානයේ මහ පරිමාණයෙන් පරිසර විනාශයක් සිදුකරමින් සියලු බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් බොරළු කැපීමේ ක්‍රියාවලියක් සිදුවෙන බවට ප්‍රදේශවාසීන් කළ දැනුවත්කිරීම එය සොයා බැලීම සඳහා පැමිණි අවස්ථාවේ උන්වහන්සේ මේ බව සඳහන් කළහ.
එම ස්ථානයේ සිටි අයෙකු පැමිණ කියා ඇත්තේ මෙම කන්දේ අක්කර දෙකක පමණ ප්‍රමාණයක් තමාට සින්නක්කර අයිතියක් ඇති බව ය.






















