Saturday, August 22, 2026
HomeNEWSපාස්කු ප්‍රහාරය පිළිබඳ වාර්තාව අධ්‍යයනය කිරීමේ කමිටුවේ පළමු රැස්වීම අද

පාස්කු ප්‍රහාරය පිළිබඳ වාර්තාව අධ්‍යයනය කිරීමේ කමිටුවේ පළමු රැස්වීම අද

පාස්කු ප්‍රහාරය පිළිබඳ වාර්තාව අධ්‍යයනය කිරීමේ කමිටුවේ පළමු රැස්වීම අද

පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබැලීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ අධ්‍යයනය කිරීම සඳහා පත්කර ඇති කැබිනට් අනු කමිටුව අද (22) පළමු වරට රැස්වීමට නියමිතය.

අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව රැස්වෙනු ඇත.

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශන වාර්තාවේ ඇතුළත් කරුණු සහ නිර්දේශ ගැඹුරින් අධ්‍යයනය කර ඒ පිළිබඳ ක්‍රියා කළයුතු ආකාරය වාර්තා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගියදා මෙම කැබිනට් අනු කමිටුව පත්කරනු ලැබීය.

චමල් රාජපක්ෂ මහතාට අමතරව ජොන්ස්ටන් ප්‍රනාන්දු, උදය ගම්මන්පිල, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග සහ රෝහිත අබේගුණවර්ධන යන අමාත්‍යවරුන් මෙම කමිටුවේ සෙසු සාමාජිකයින් වේ.

අද දිනයේ කමිටුව රැස්වී අදාළ වාර්තාව පිළිබඳ මූලික අධ්‍යයනයක් සිදු කිරීමට බලාපොරොත්තුවන බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඩයමන්ඩ් ලීග් තරගාවලියේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේන් රුමේෂ් තරංගට ප්‍රථම ස්ථානය

ස්විටසර්ලන්තයේ ලුසෑන්හි පැවති "ඩයමන්ඩ් ලීග්" තරගාවලියේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය රුමේෂ් තරංගට. දක්ෂතාව මී:88.14 ක්. එය මෙම තරග වාරයේ ඔහුගේ 3 වන...

පවුම් මිලියන 9.5ක් පුවත්පතකට ගෙවන ලෙසට හැරී කුමරු ඇතුළු සත් දෙනෙකුට අධිකරණ නියෝගයක්

බ්‍රිතාන්‍යය‍ේ ඩේලි මේල් පුවත්පතට එරෙහිව පෞද්ගලිකත්වය සම්බන්ධයෙන් පැවරූ නඩුව පරාජය වීමත් සමග හැරී කුමරු ඇතුළු සත් දෙනෙකුට පවුම් මිලියන 9.5ක් පුවත්පතට ගෙවන ලෙස එරට...

මරණ දඬුවම හා ජීවිතාන්ත සිරකරුවන්ට ජනපති සමාව දීම ගැන කමිටු වාර්තාව කඩිනමින් කැබිනට්ටුවට: අධිකරණ ඇමති

මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටින සිරකරුවන්ට ජනාධිපති පොදු සමාව ලබාදීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමේ අරමුණින් පත් කළ කමිටුවේ වාර්තාව...

නාමල් FCID යට පැය 6ක ප්‍රකාශයක් දෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත පැමිණ තිබෙනවා. ඒ, විමර්ශනයකට අදාළව සිදු කළ කැඳවීමකට අනුවයි. පැය 6ක ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img