එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46වන සැසිවාරය මේ වනවිට ආරම්භ වී තිබේ.
ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භ වූ සැසිවාරය මාර්තු මස 23 වන දින දක්වා පැවැත්වීමට නියමිතය.
මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී මානව හිමිකම් මහ කොමසාරිස්වරිය විසින් ශ්‍රී ලංකාවේ සංහිදියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඒ පිළිබඳ ශ්‍රී ලංකාවේ ස්ථාවරය විඩියෝ තාක්ෂණය ඔස්සේ ලබන 24 වන දින මානව හිමිකම් කවුන්සිලය අමතමින් දැනුම් දීමට නියමිතය.
එක්සත් රාජධානිය, කැනඩාව, මොන්ටිනීග්‍රෝ, උතුරු මැසිඩෝනියාව සහ මලාවි යන රටවල් ඒකාබද්ධව ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් ගෙනඒමට සැලසුම් කරඇති බවද වාර්තා වේ.






















