Saturday, August 22, 2026
HomeNEWSකෘෂිකර්ම ඇමතිගෙන් වී ගොවීන්ට අනතුරු ඇඟවීමක්

කෘෂිකර්ම ඇමතිගෙන් වී ගොවීන්ට අනතුරු ඇඟවීමක්

වී ගොවියා සහල් මාෆියාවට යට වුවහොත් සහතික මිලෙන් ඉවත්වීමට සිදුවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, එසේ වුවහොත් වී කිලෝවක මිල රුපියල් 25ක් දක්වා අඩුවනු ඇති බවය. 

ආණ්ඩුව සැමවිටම පියවර ගන්නේ පාරිභෝගිකයා සහ ගොවියා යන දෙපාර්ශ්වයම ආරක්ෂා කරගෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ අද (22) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා අවධාරණය කළේය. 

රජයේ සහතික මිලට වඩා වැඩි මුදලකට පෞද්ගලික අංශය වී මිලදී ගැනීම හේතුවෙන් පසුගියදා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ගොවීන්ට අනතුරු අඟවමින් රජයට වී කිලෝ දහසක් ලබා නොදෙන ගොවීන්ට පොහොර සහනාධාරය අහිමිවන බව සඳහන් කර තිබුණි.

“මේ රටේ වී ගොවියෝ ඉන්නේ දස ලක්ෂ 41,923 යි. මේකෙන් අපි වී මිලදී ගන්නේ හෙක්ටයාර් 1ටක වැඩි ගොවීන්ගෙන් පමණයි. එහෙම ගොවීන් ඉන්නේ 266,291කයි. ඒ කියන්නේ 27%යි.  73%කට පොහොර සහනාධාරය, රක්ෂණය සහ රජය අනුග්‍රහය දක්වන සියලු දේ ඒ ආකාරයෙන්ම ලැබෙනවා. හෙක්ටයාර් 1ටක වැඩි ගොවීන්ගෙන් පමණයි අපි වී කිලෝ 1000ක් ලබා දෙන්න කියලා කියන්නේ. මේ වැඩපිළිවෙලෙන් ගොවියා ඉවත් වුණොත් පොහොර සහනාධාරය අහිමිවෙයි. අපි 50ක සහතික මිල කරපු ගමන් සහල් මාෆියාවට සම්බන්ධ අය ගිහින් 54ට මිලදී ගන්නවා. මේ ටික අරගෙන නිෂ්පාදනය සඳහා විශාල මුදලක් යනවා, ඒ නිසා හාල් 125ට දෙන්න ඕනේ කියලා ආණ්ඩුවට බලකරනවා. එහෙම කරලා බිලියන ගාණක වංචාවක් කරනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඩයමන්ඩ් ලීග් තරගාවලියේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේන් රුමේෂ් තරංගට ප්‍රථම ස්ථානය

ස්විටසර්ලන්තයේ ලුසෑන්හි පැවති "ඩයමන්ඩ් ලීග්" තරගාවලියේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය රුමේෂ් තරංගට. දක්ෂතාව මී:88.14 ක්. එය මෙම තරග වාරයේ ඔහුගේ 3 වන...

පවුම් මිලියන 9.5ක් පුවත්පතකට ගෙවන ලෙසට හැරී කුමරු ඇතුළු සත් දෙනෙකුට අධිකරණ නියෝගයක්

බ්‍රිතාන්‍යය‍ේ ඩේලි මේල් පුවත්පතට එරෙහිව පෞද්ගලිකත්වය සම්බන්ධයෙන් පැවරූ නඩුව පරාජය වීමත් සමග හැරී කුමරු ඇතුළු සත් දෙනෙකුට පවුම් මිලියන 9.5ක් පුවත්පතට ගෙවන ලෙස එරට...

මරණ දඬුවම හා ජීවිතාන්ත සිරකරුවන්ට ජනපති සමාව දීම ගැන කමිටු වාර්තාව කඩිනමින් කැබිනට්ටුවට: අධිකරණ ඇමති

මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටින සිරකරුවන්ට ජනාධිපති පොදු සමාව ලබාදීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමේ අරමුණින් පත් කළ කමිටුවේ වාර්තාව...

නාමල් FCID යට පැය 6ක ප්‍රකාශයක් දෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත පැමිණ තිබෙනවා. ඒ, විමර්ශනයකට අදාළව සිදු කළ කැඳවීමකට අනුවයි. පැය 6ක ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img