කොළඹ මහනගර සභා සේවකයින් පිරිසකටත් කොවිඩ් එන්නත ලබාදීම මරදාන ෆෝබ්ස් පාරේ පිහිටි කාන්තා හා ළමා සුභ සාධක මධ්‍යස්ථානයේදී අද (22) සිදුකෙරුණි.
එහි හටගත් දැඩි තදබදය හේතුවෙන් එම ස්ථානයේ යම් නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබුණි.
එහි පැමිණ සිටි පිරිස් සඳහන් කළේ, “අපි ඇවිත් පැය 2ක් පෝළිමේ. මීටරේට 5 දෙනා ගානේ තමයි ඉන්නේ. ඔක්කොම මිනිස්සු මෙතනට ගෙන්නලා., පොඩි ඉඩක් තියෙන්නේ,” යනුවෙනි.






















