“හෙළ වෙදකමේ යටගියාව” කෘතිය ජනපතිට පිළිගන්වයි …
බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක, නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිපාණන් විසින් රචිත “හෙළ වෙදකමේ යටගියාව” කෘතියේ පළමු පිටපත කතු හිමියන් විසින් අද (25) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගන්වනු ලැබීය.
ශ්‍රී ලංකාවේ ඉපැරණි හෙළ වෙදකම එහි ස්වර්ණමය යුග සහ වටිනාකම් පිළිබඳ වැදගත් තොරතුරු රාශියක් කෘතියේ අන්තර්ගතය.
රජ රට විශ්ව විද්‍යාලයේ කුලපති, මිරිසවැටිය විහාරාධිකාරී පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමි සහ ගොඩගේ ප්‍රකාශන අධිපති දේශබන්දු සිරිසුමන ගොඩගේ මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියහ.
EWIS Colombo Limited දේශීය පරිගණක නිමැවුම් අංගනය නිෂ්පාදනය කළ නවතම EWIS Neo pro.Laptop පරිගණකය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත ඉදිරිපත් කිරීම ද මෙහිදී සිදු කෙරිණ.
මිරිසවැටිය විහාරාධිකාරී පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමිපාණන් වහන්සේ එය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූහ.






















