Tuesday, August 18, 2026
HomeNEWSදූෂණ වංචා සෙවීමේ ජනපති කොමිෂන් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය

දූෂණ වංචා සෙවීමේ ජනපති කොමිෂන් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය

දූෂණ වංචා සෙවීමේ ජනපති කොමිෂන් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය

දූෂණ වංචා සෙවීමේ ජනපති කොමිෂන් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය

පසුගිය ආණ්ඩුව සමයේ රාජ්‍ය ආයතනවල සිදුවූ බව කියන දූෂණ වංචා පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) රාත්‍රියේ රැස්වුණි.

එහිදී එම යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා “අද දෙරණ“ සමග සඳහන් කළේය.

2015 වසරේ ජනවාරි මස 15 වනදා සිට 2018 වසරේ දෙසැම්බර් 31 දක්වා කාලය තුළ රාජ්‍ය ආයතනවල සිදුවී ඇති බව කියන දූෂණ වංචා පිළිබඳ සොයාබැලීම සඳහා පත්කරන ලද ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පසුගියදා ජනාධිපතිවරයා වෙත භාර දී තිබුණි.

ඒ අනුව එළඹෙන පළමු පාර්ලිමේන්තු සැසිවාරයේදී එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර විවාදයට ගැනීමට නියමිතය.

එමෙන්ම දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිෂන් සභා වාර්තාවද එම පළමු සැසිවාරයේදී විවාදයට ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බවද අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ලෝක ඡායාරූප දින සැමරුම අමාත්‍ය විජිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි

​ ​ලෝක ඡායාරූප දිනය සැමරීම වෙනුවෙන් ගම්පහ දිස්ත්‍රික් ඡායාරූපශාලා හිමියන්ගේ සංගමය සංවිධානය කළ විශේෂ සැමරුම් උත්සවය අද (18) දින වැලිසර Wave and Lake උත්සව ශාලා...

22 වන සංශෝධනයට එරෙහිව සර්වජන බලයෙන් පෙත්සමක්

අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා සර්වජන බලය පක්ෂය...

22 වන සංශෝධනයට එරෙහිව සජබයෙන් පෙත්සමක්

වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය විසින් අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සමගි ජන බලවේගය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක්...

22 වන සංශෝධනයට එරෙහිව පෙත්සමක් 

අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙන තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට අද...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img