තමාද සිටි රජය බලයේ තිබියදී සිදු වූ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම භාරගැනීමට තමා සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
අද බූන්දල පැවති 52 වැනි විපක්ෂ නායක ජංගම සේවා වැඩසටහනට එක්වෙමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ එම වගකීමෙන් පළා යෑමට සූදානම් නැති බවය.
“පාස්කු ප්‍රහාරය සිදු වූ කාල වකවානුව තුළදී අපේ රජය තමයි බලයේ හිටියේ. ඉතින් මේ අවස්ථාවේ එහි වගකීම අපි භාර ගන්නවා. වගකීම්වලින් අපි පැනලා යන්නේ නෑ,” යනුවෙන් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.






















