Tuesday, August 18, 2026
HomeNEWSරජය මුදල් මුද්‍රණය කරනවා පත්තර ගහනවා වගේ - රනිල්

රජය මුදල් මුද්‍රණය කරනවා පත්තර ගහනවා වගේ – රනිල්

තරුණ තරුණියන් ආණ්ඩුව කෙරෙහි තැබූ විශ්වාසය කඩ වී ඇති බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ අද (07) බොරැල්ලේ පැවති ජන හමුවකදීය.

රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ එම පක්ෂයට අනුබද්ධ ‘ග්‍රීන්බ්ලඩ්’ සංවිධානයේ තරුණයින් අතර හමුවක් අද පෙවරුවේ බොරැල්ලේදී පැවැත්වුණි.

එහිදී, Green Blood සංවිධානයේ සාමාජිකයින් රනිල් වික්‍රමසිංහ මහතා වෙත ප්‍රශ්නයක් ඉදිරිපත් කරමින් සඳහන් කළේ, “මෙතනින් පස්සේ ඔබට රජයක් ක්‍රියාත්මක කරන්න ලැබුණොත් ඔබ මූලිකව ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද? මේ තත්වයෙන් මිදෙන්න ?,” යනුවෙනි.

ඊට පිළිතුරු දෙමින් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා, “රජයට ආදායමක් නැති නිසා මුදල් මුද්‍රණය කරනවා. පුවත්පත් මුද්‍රණය කරනවා වගේ. 2010, 2015 ආණ්ඩු මුද්‍රණය කළ මුදල් වගේ තෙගුණයක්. අපි ඩොලර් කෝටි හත්සිය පනහක් සංචිත ලෙස ඉතිරි කළා. දැන් කෝටි 450කට අඩුවෙලා තියෙන්නේ. අපිට බැන්නට ආර්ථිකය හැදුවා. අපි සෞඛ්‍යට මුදල් වෙන් කළා. ටැබ් දෙන්න ගියාම විරුද්ධ වුණා. ටැබ් දුන්නානම් දැන් අධ්‍යාපනයේ ප්‍රශ්න විසඳෙනවා. ආණ්ඩුව කුමක් වුවත් රට ඉදිරියට ගෙනියන්න තිබුණා. දැන් බඩු මිල වැඩිවෙලා. අවුරුද්ද ඉවරවෙද්දි තරු පෙනෙයි. මේක හදන්න සාමාන්‍ය ආණ්ඩුවකට දශකයකට වඩා කාලය යනවා‍. එතකොට තරුණ යුගය ගිහින් ඉවරයි . ඡන්දය දුන් තරුණයින්ගේ විශ්වාසය කඩ වෙලා. තරුණයන්ගේ අනාගතය නැතිවෙලා. ආර්ථික ප්‍රශ්න ගැන කතා කළාම තරුණයන්ගේ නිදහස සීමා කරනවා.” යනුවෙනි පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

22 වන සංශෝධනයට එරෙහිව සර්වජන බලයෙන් පෙත්සමක්

අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා සර්වජන බලය පක්ෂය...

22 වන සංශෝධනයට එරෙහිව සජබයෙන් පෙත්සමක්

වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය විසින් අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සමගි ජන බලවේගය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක්...

22 වන සංශෝධනයට එරෙහිව පෙත්සමක් 

අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙන තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට අද...

22 ඇතුළේ කියන තරම් යකෙක් නෑ” – අධිකරණ ඇමති

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. මෙම සංශෝධනය මගින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 67 දක්වාත්, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img