Tuesday, August 18, 2026
HomeNEWSකොවිඩ් වසංගතයක් ලෙස නම්කර අදට වසරක්

කොවිඩ් වසංගතයක් ලෙස නම්කර අදට වසරක්

ලෝක සෞඛ්‍ය සංවිධානය කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය ලෝක වසංගත තත්ත්වයක් ලෙසට ප්‍රකාශයට පත් කර අදට (11) වසරක් සපිරේ.

2019 වසරේ දෙසැම්බර් මාසයේදී චීනයේ වුහාන් නගරයෙන් ආරම්භ වූ කොවිඩ් වෛරසය පසුව ලෝකයේ දුබල රාජ්‍ය මෙන්ම බලවත් රාජ්‍ය රැසකටම දැඩි බලපෑම් එල්ල කළේය.

අමෙරිකාව, ඉතාලිය, මහා බ්‍රිතාන්‍ය මෙන්ම ඉන්දියාව, බ්‍රසීලය වැනි රටවලට කොවිඩ් -19 වෛරසයෙන් දැඩි බලපෑම් එල්ල වූ අතර මේ වන විටත් එම රටවලින් දෛනිකව දහසකට අධික වෛරස ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වේ.

රාජ්‍ය නායකයින් රැසක් මෙන්ම සෞඛ්‍ය අමාත්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය බලධාරීන් රැසක් ද කොවිඩ් වෛරසයට ගොඳුරු විය.

එමෙන්ම ලෝකයේ ජනප්‍රිය පුද්ගලයින් ද කොවිඩ් -19 වෛරසය හේතුවෙන් මියගියේය.

කෙසේවෙතත් මේ වන විට වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා විවිධ රටවල් අත්හදාබැලීම් සිදුකරමින් එන්නත් නිෂ්පාදනය කර ඇති අතර එන්නත් කිහිපයක් ජනතාව වෙත ලබාදීම මේ වන විටත් සිදුකෙරෙයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඇතැම් රටවල් කොරෝනා ව්‍යාප්තියේ සිව්වන අදියරට පැමිණ ඇති බවට මේ වන විටත් ප්‍රකාශයට පත්කර තිබේ.

මේ වන විට ගෝලීය කොවිඩ් ආසාදිතයින් ගණන 118,648,421ක් වන අතර ලොව පුරා කොවිඩ් මරණ 2,632,348ක් සිදුව ඇත.

මේ වන විට කොවිඩ් ආසාදිතයින් 94,256,914ක ප්‍රමාණයක් සුවය ලබා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය (JDS) සඳහා ජපානයෙන් ජපන් යෙන් මිලියන 282ක ආධාර ප්‍රදානයක්

මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය (JDS) සඳහා ජපාන රජය විසින් ජපන් යෙන් මිලියන 282ක (රුපියල් මිලියන 591ක) ආධාර ප්‍රදානයක් ලබා දී ඇත. මෙම ව්‍යාපෘතියේ අරමුණ...

පෞද්ගලික බැංකු හතරක කළමණාකරුවන් සිව් දෙනකු FCID අත්අඩංගුවට

මෙරටට කිසිදු භාණ්ඩයක් ආනයනය නොකර ඇමරිකානු ඩොලර් බිලියනයක මුදලක් මාරු කිරීමේ සිද්ධියේ විමර්ශනයට අදාළව පෞද්ගලික බැංකු හතරක කළමනාකරුවන් හතරදෙනෙකු FCID අත්අඩංගුවට.

ඩෙල්ෆ් දූපත බලා යාත්‍රා කරමින් තිබූ කුඩා යාත්‍රාවක් අනතුරකට ලක්වේ

කුරිකට්ටුවාන් සිට ඩෙල්ෆ් බලා යාත්‍රා කරමින් තිබියදී අනතුරට ලක් වූ කුඩා ප්‍රමාණයේ යාත්‍රාවක සිටි 10 දෙනෙකු නාවික හමුදාව විසින් බේරා ගෙන රෝහල් ගත කෙරේ...

2026 වාහන ප්‍රදර්ශන පෙළපාලිය ඇරැඹේ

​ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය (Ceylon Automobile Importers Association -CAIA) සංවිධානය කළ "Motor Rally 2026" වාහන ප්‍රදර්ශන පෙළපාලිය අද (16) කොළඹ Port City පරිශ්‍රයෙන් ආරම්භ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img