Monday, August 17, 2026
HomeNEWSබැංකු ණය නොගෙවූ ව්‍යවසායකයින්ගේ දේපළ පවරා ගැනීම වෙනුවට සහන කාලයක් දීමට අග්‍රාමාත්‍යතුමාගේ...

බැංකු ණය නොගෙවූ ව්‍යවසායකයින්ගේ දේපළ පවරා ගැනීම වෙනුවට සහන කාලයක් දීමට අග්‍රාමාත්‍යතුමාගේ අවධානය යොමුවෙයි

බැංකු ණය නොගෙවූ ව්‍යවසායකයින්ගේ දේපළ පවරා ගැනීම වෙනුවට සහන කාලයක් දීමට අග්‍රාමාත්‍යතුමාගේ අවධානය යොමුවෙයි

පාස්කු දින ප්‍රහාරය සහ කොවිඩ්-19 වසංගතය හේතුවෙන් බැංකු ණය ගෙවා ගැනීමට නොහැකි වූ ව්‍යවසායකයින්ගේ දේපළ අත්පත් කර ගැනීම වෙනුවට සහන කාලයක් ලබා දීම ගැන අවධානය යොමු කරන්නැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද 2021.03.15 දින බැංකු ප්‍රධානීන්ට දැනුම් දුන්නේය.

බැංකු ණය ගෙවා ගැනීමට නොහැකි වූ ව්‍යවසායකයින්ගේ දේපළ අත්පත් කර ගැනීම තාවකාලිකව අත්හිටුවීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ඒ අනුව ව්‍යවසායකයින්ගේ මූල්‍ය ගැටලුවලට සහන ලබාදීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය, මහ බැංකුව සහ අදාළ බැංකු සමඟ එක්ව අවසන් තීන්දුවකට එළැඹෙන්නැයි අග්‍රාමාත්‍යතුමා උපදෙස් දුන්නේය. 

දීර්ඝ කාලයක් තිස්සේ මෙවැනි ගැටලු පවතින නිසා කිසිදු පාර්ශවයකට අවාසියක් සිදු නොවන ආකාරයට ඒවා විසඳීම වැදගත් බව අග්‍රාමාත්‍යතුමා පෙන්වා දුන්නේය. 

බැංකු ණය ගෙවා ගැනීමට නොහැකි ඕනෑම පාර්ශවයක් සහ බැංකු පාර්ශවයන්ට අතර මැදිව දෙපැත්තටම සාධාරණයක් සිදුවන ආකාරයේ ගැටලු විසඳාදෙන රජයේ මැදිහත්වීමක් අවශ්‍ය බව කී අග්‍රාමාත්‍යතුමා ඒ වෙනුවෙන් නෛතික බලයක් සහිත රජයේ ආයතනයක් හෝ බලධාරියෙකු සේවයේ පිහිටුවීම පිළිබඳව අවධානය යොමුකරන්නැයි පැවසීය.

ඒ ඔස්සේ ලීසිං ඇතුළු එක් එක් ක්ෂේත්‍රයන්ට අදාළව ණය හිමියන්ට සහන ලබා දීමේ හැකියාව පවතින බව අග්‍රාමාත්‍යතුමා කියා සිටියේය. 

මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ, රාජ්‍ය අමාත්‍යවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්, ෂෙහාන් සේමසිංහ, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ, මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්.ආටිගල, ශ්‍රි ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ටී.එම්.ජේ.වයි.පී ප්‍රනාන්දු, මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපතිනි කේෂිලා ජයවර්ධන, ප්‍රාදේශිය සංවර්ධන බැංකුවේ සභාපති මහින්ද සාලිය, බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වී.ඒ.ඒ.එන්. ද සිල්වා, කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති අනුෂ්ක ගුණසිංහ, සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ගීතා විමලවීර මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඩෙල්ෆ් දූපත බලා යාත්‍රා කරමින් තිබූ කුඩා යාත්‍රාවක් අනතුරකට ලක්වේ

කුරිකට්ටුවාන් සිට ඩෙල්ෆ් බලා යාත්‍රා කරමින් තිබියදී අනතුරට ලක් වූ කුඩා ප්‍රමාණයේ යාත්‍රාවක සිටි 10 දෙනෙකු නාවික හමුදාව විසින් බේරා ගෙන රෝහල් ගත කෙරේ...

2026 වාහන ප්‍රදර්ශන පෙළපාලිය ඇරැඹේ

​ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය (Ceylon Automobile Importers Association -CAIA) සංවිධානය කළ "Motor Rally 2026" වාහන ප්‍රදර්ශන පෙළපාලිය අද (16) කොළඹ Port City පරිශ්‍රයෙන් ආරම්භ...

වෙනසක් වෙනුවෙන් වෙනස් වෙමු දිලිත්ගෙන් තරුණ ප්‍රජාවට ආරාධනාවක්

"වෙනසක් වෙනුවෙන් වෙනස් වෙමු " එයයි අපගේ පණිවිඩය - දිලිත් තරුණ ජන මතය කලඹයිරට වෙනස් කරන කුළුදුල් ඡන්ද එක් ලක්ෂ පනස් දහසක් සමඟින් ඉදිරියට ශ්‍රී...

මහා සංඝරත්නයෙන් සිදුවන ආධ්‍යාත්මික මග පෙන්වීම ඉතාම වැදගත් -අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි

රජයේ වැඩපිළිවළ තුළ , මහා සංඝරතනයෙන් සිදුවන ආධ්‍යාත්මික මඟපෙන්වීම හා සමාජ වටිනාකම් ශක්තිමත් කිරීම සඳහා ලබාදෙන සහයෝගය ඉතා වටිනා ශක්තියක්අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය -රජයේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img