Monday, August 17, 2026
HomeNEWSදේශීය ඇඟළුම් ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට සැලසුම්ගත වැඩපිළිවෙළක් ...

දේශීය ඇඟළුම් ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට සැලසුම්ගත වැඩපිළිවෙළක් …

දේශීය ඇඟළුම් ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට සැලසුම්ගත වැඩපිළිවෙළක් …

Ø අපනයන ඉලක්ක සපුරන බවට ඇඟළුම් කර්මාන්ත හිමියෝ 
ජනපතිට සහතික වෙති ….

ඇඟළුම් ක්ෂේත්‍රය වර්තමානයේ මුහුණ දී තිබෙන අභියෝග හඳුනාගෙන ඇති රජය එහි ඵලදායීතාව සහ ගුණාත්මකභාවය නැංවීමට පූර්ණ අනුග්‍රහය දීමට සූදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා සිටී. ඒ සඳහා සැලසුම්ගත වැඩපිළිවෙළක් ඔස්සේ ක්‍රියා කරන බවද එතුමා පවසයි.

ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදයේ නියෝජිතයන් සමග අද (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය. 

ශ්‍රී ලංකාවේ, අපනයනය ඉලක්ක කරගත් කර්මාන්ත අතරින් ඇඟළුම් ක්ෂේත්‍රය ප්‍රමුඛස්ථානයක් ගනී. ශ්‍රී ලංකාව ඉතා උසස් තත්ත්වයේ ඇඟළුම් සඳහා ලෝක පූජීත සන්නාමයක් බවට පත්කිරීමේ හැකියාවද ලැබී තිබේ. දේශීය ඇඟළුම් ක්ෂේත්‍රයේ නව පිබිදීමක් ඇති කිරීමෙන් විශාල විදේශ විනිමයක් උපයාගත හැකි බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. 

ඉලක්ක සපුරා ගැනීමට රජය විශේෂ උනන්දුවකින් ක්‍රියා කරන අතර, මේ වර්ෂයේ අපේක්ෂිත ඉලක්කය ඩොලර් බිලියන 5.1කි. ඉලක්ක සපුරාලීමට කැපවීමෙන් කටයුතු කරන බවට ව්‍යාපාරිකයෝ ජනාධිපතිතුමා හමුවේ සහතික වූහ.

සෞඛ්‍ය නිර්දේශ නිසා ක්ෂේත්‍රයේ ඉදිරි ගමනට එල්ල වී ඇති අභියෝග පිළිබඳව ද  ව්‍යාපාරිකයෝ  පැහැදිලි කළහ. රටේ පොදු සෞඛ්‍ය තත්ත්වයට බලපෑමක් නොවන අයුරින් ඇඟළුම් ක්ෂේත්‍රයට අදාළ යම් යම් සෞඛ්‍ය නිර්දේශ ලිහිල් කිරීමට ඇති හැකියාව සොයා බැලීමට යෝජනා කෙරිණි.

ක්ෂේත්‍රයේ මානව සම්පත් හිඟය පිළිබඳවද අවධානය යොමු වූ අතර ගුණාත්මක හා සුරක්ෂිත රැකියා අවස්ථා උදා කිරීම තුළින් ක්ෂේත්‍රයට තරුණ තරුණියන් ආකර්ශණය කර ගත හැකි බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. 

ආයෝජකයන්ගේ වීසා කාලසීමාව දීර්ඝ කිරීම හා වීසා ලබාදීමේදී ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම පිළිබඳව ද සාකච්ඡා විය.

අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, ඇමතිණි පවිත්‍රා වන්නිආරච්චි, රාජ්‍ය අමාත්‍යවරුන් වන සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, චන්න ජයසුමන, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, මහබැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන්, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල, යන මහත්ම මහත්මිහූ සහ රේඛීය අමාත්‍යාංශ ලේකම්වරු හා රාජ්‍ය නිලධාරීහූ, ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදයේ සභාපති අශ්රෝෆ් ඕමාර් මහතා ඇතුළු සාමාජිකයන් සාකච්ඡාවට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඩෙල්ෆ් දූපත බලා යාත්‍රා කරමින් තිබූ කුඩා යාත්‍රාවක් අනතුරකට ලක්වේ

කුරිකට්ටුවාන් සිට ඩෙල්ෆ් බලා යාත්‍රා කරමින් තිබියදී අනතුරට ලක් වූ කුඩා ප්‍රමාණයේ යාත්‍රාවක සිටි 10 දෙනෙකු නාවික හමුදාව විසින් බේරා ගෙන රෝහල් ගත කෙරේ...

2026 වාහන ප්‍රදර්ශන පෙළපාලිය ඇරැඹේ

​ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය (Ceylon Automobile Importers Association -CAIA) සංවිධානය කළ "Motor Rally 2026" වාහන ප්‍රදර්ශන පෙළපාලිය අද (16) කොළඹ Port City පරිශ්‍රයෙන් ආරම්භ...

වෙනසක් වෙනුවෙන් වෙනස් වෙමු දිලිත්ගෙන් තරුණ ප්‍රජාවට ආරාධනාවක්

"වෙනසක් වෙනුවෙන් වෙනස් වෙමු " එයයි අපගේ පණිවිඩය - දිලිත් තරුණ ජන මතය කලඹයිරට වෙනස් කරන කුළුදුල් ඡන්ද එක් ලක්ෂ පනස් දහසක් සමඟින් ඉදිරියට ශ්‍රී...

මහා සංඝරත්නයෙන් සිදුවන ආධ්‍යාත්මික මග පෙන්වීම ඉතාම වැදගත් -අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි

රජයේ වැඩපිළිවළ තුළ , මහා සංඝරතනයෙන් සිදුවන ආධ්‍යාත්මික මඟපෙන්වීම හා සමාජ වටිනාකම් ශක්තිමත් කිරීම සඳහා ලබාදෙන සහයෝගය ඉතා වටිනා ශක්තියක්අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය -රජයේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img