සතියකටදිනයක්හෝපොහොයකටපන්සල්යෑමඅනිවාර්යකළයුතුයි – ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා
බෞද්ධයන් ලෙස අපි සතියකට දිනයක් හෝ අඩුම වශයෙන් පොහොයකටහෝ පන්සල් යෑම අනිවාර්ය කළ යුතු යැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද 2021.03.14 දින පෙරවරුවේ පැවසීය.
පුත්තලම, මාදම්පේ ගල්මුරුව ශ්‍රී සුනන්දාරාම පිරිවෙන් විහාරස්ථානයේ රන්වැට සහිත අඩි 60ක් උසැති චෛත්‍යරාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීම සහ මකර තොරණ සහිත ඇතුළත ප්‍රාකාරය හා ප්‍රතිසංස්කරණය කරමින් සංරක්ෂණය කළ ඉපැරණි විෂ්ණු දේවාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමා මේ බව සඳහන් කළේය.
විහාරස්ථානයට පැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාවිහාරාධිපති දේවහන්දියේ සද්ධානන්ද නායක හිමියන් බැහැදැක අදටයෙදී ඇති උන්වහන්සේගේ ජන්ම දිනයට සුභ පැතුම් එක් කළේය.
අනතුරුව ප්‍රතිසංස්කරණය කළ විහාරස්ථානයේ මකරතොරණ,චෛත්‍යයේ කොත නිරාවරණය කළ අග්‍රාමාත්‍යතුමා සිය පැමිණිමසංකේතවත් කරමින් රත් හඳුන් පැලයක් විහාරස්ථානයේ රෝපණයකළේය.
මහාවිහාර වංශික ශාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශවයේ පූජනීය දිඹුල්කුඹුරේ ශ්‍රී සරණංකර විමලධම්ම අනුනාහිමි, බිබිලියාදෙණිය ශ්‍රී මලියදේව මහ පිරිවෙණේ පරිවේණාධිපති හා තත් විහාරාධිපති කටුගම්පොළ හත්පත්තුවේ ප්‍රධාන සංඝනායක විමලකීර්ති ශ්‍රී වාගීස්වරාචාර්ය කහටවිල පියරතන නාහිමි ප්‍රධාන මහා සංඝරත්නය මෙහි වැඩම කළ වඳාළහ.
කීර්තිපාල රණතුංග මහතා විසින් සංස්කරණය කළ විහාරස්ථානයපිළිබඳ සමරු කලාපය සම්පත් රසාංජන මහතා විසින් අග්රාමාත්යතුමන්වෙත පිළිගැන්වූ අතර ගල්මුරුව ශ්‍රී සුනන්දාරාම විහාරාධිපති පූජ්‍ය දේවහන්දියේ සද්ධානන්ද ස්වාමින්වහන්සේ අග්‍රාමාත්‍යතුමා වෙත සමරුතිළිණයක් ප්රදානය කළහ.
මහාවිහාර වංශික ශාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශවයේ පූජනීය දිඹුල්කුඹුරේ ශ්‍රී සරණංකර විමලධම්ම අනුනාහිමියෝ මෙහි දී අනුශාසනාවක් පැවත්වූහ.
මේ ස්ථානයට මීට පෙර තිබ්බොටුවාවේ සුමංගල නායක හිමියන් සමඟවැඩම කරන අවස්ථාවට වඩා හාත්පසින් වෙනස් අංග සම්පූර්ණවිහාරස්ථානයක් බවට පත් කර තිබෙනවා, මේ කටයුතු මැනවින් සිදුකරනදේවහන්දියේ අපේ නායක හාමුදුරුවන්ට අපේ ආශිර්වාදය පුදකරනවා, ආගමික කටයුතු වෙනුවෙන් අගමැතිතුමා දක්වන දායකත්වයට අපිපුණ්යානුමෝදනා කරනවා.
තිස් වසරක යුද්ධයෙන් එතුමා මේ රට ගලවා ගත්තා. පසුව ආදරණියසහෝදරයා වන ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමඟ අගමැති සහජනාධිපති ලෙස මේ රට කොරෝනා වසංගතය පාලනය කීරීමට අවශ්යදේශපාලන නායකත්වය ලබා දෙනවා.විශේෂයෙන් කොරෝනා මර්දනඑන්නත ජනතාවට ලබා දෙමින් ජනතාවත් රටත් ආරක්ෂාකරන්න කටයුතුකරනවා.
මේ රට ණය බරින් වැටී තිබෙන අගාධයෙන් ගොඩගන්න ගරු අග්රාමාත්යමහින්ද රාජපක්ෂ මැතිතුමන්ට ශක්තිය, ධෛර්යය වගේම දළදාවහන්සේගේ ආශිර්වාදය, ශ්‍රී මහා බෝධියේ ආශිර්වාදය ලැබේවායිප්රාර්ථනා කරනවා යැයි අනුනාහිමියෝ පැවසූහ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහි දී කළ සම්පූර්ණ කතාව මෙසේය.
1897 මෙම විහාරස්ථානය ආරම්භ කරලා 1920 වන විට පිරිවෙනක් බවටපත් කරනවා, අද වනවිට විහාරවාසී හිමිවරුන් 16නමක් වගේම දරුවන්443කගෙන් යුතු දහම්පාසලක් පවත්වාගෙන යනවා. එවගේමවිහාරාධිපති ස්වාමින්වහන්සේ විසින් රටට විශාල ආගමික සේවාවක් සිදුකරනවා.
අපේ තරුණ දූ දරුවන් ආගමික කටයුතු වලට දායක කරගනිමින් නොමගනොයන ලෙස වගබලා ගතයුතුයි.එසේ නොවුනොත් සිදුවන්නේ විශාලවිනාශයක්, දරුවන් දහම්පාසල් යැවීම බෞද්ධ ජනතාවට අනිවාර්යකළයුතුයි. අනෙකුත් ආගම්වල ඒ කටයුතු නිසි පරිදි සිදුවෙනවා. අදබෞද්ධයන් පන්සල් නොයන තැනකට පත්වෙලා. නමුත් අනිත් ආගම්වලආනිවාර්යයෙන් ඉරිදා පල්ලි යනවා.
බෞද්ධයන් ලෙස අපි සතියකට දිනයක් හෝ අඩුම වශයෙන් පොහොයකටහෝ පන්සල් යෑම අනිවාර්ය කළ යුතුයි. පන්සල සමග ඇති සබදතාවදරුවන් තුළ ඇති කළ යුතුයි. එසේ නොවුනොත් ගමත් පන්සලත් ඈත්වෙනවා.සමාජය නිවැරදි මගක ගෙනියන්න නම් ගමත් පන්සලත් එකටපවත්වාගෙන යා යුතුයි. මෙි විහාරස්ථානයේ විහාරාධිපතිස්වාමින්වහන්සේ පන්සල දියුණු කරන්න කැපවී කටයුතු කිරීම අගය කළයුතුයි.
ගමේ පන්සල තමයි කේන්ද්‍රස්ථානය, ගමේ ජනතාවට පනසල සමගකටයුතු කරන්නට අවස්ථාව සලසා දීලා ජනතාව යහපත් ජීවිතයකට හුරුකරවීම අපේ වගකීමක්. මේ ප්‍රදේශයේ විවිධ ජාති ආගම් අදහනජනතාවක් ඉන්නේ ඔබේ ප්‍රදේශයේ සාමූහික සුහදතාව ලෝකයටමආදර්ශයක්.අද වන විට අපි ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් රටසංවර්ධනය කිරීමේ වැඩකටයුතු කරමින් යනවා. රටේ සංවර්ධනයකාර්යයන් නිසි පරිදි ඉදිරියටත් ඉටුකරන බව මෙහිදි පැවසිය යුතු යැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය.
රාජ්‍ය අමාත්‍යවරුන් වන සනත් නිශාන්ත, පියංකර ජයරත්න,අරුන්දික ප්‍රනාන්දු, පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ප්‍රියන්ත, හිටපු පළාත් සභා මන්ත්‍රී පාලිත රෝහණ, දායක සභාවේ සභාපති සිරිපාල රණතුංග මහතා ඇතුළු දායක සභාවේ සමාජික සමාජිකවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.






















