Monday, August 17, 2026
HomeNEWSඅවශ්‍ය වුවහොත් සංචරණ සීමා පනවනවා - යුද හමුදාපති

අවශ්‍ය වුවහොත් සංචරණ සීමා පනවනවා – යුද හමුදාපති

අවශ්‍ය වුවහොත් සංචරණ සීමා පනවනවා – යුද හමුදාපති

ඉදිරියේ පැමිණෙන උත්සව සමයේ අවශ්‍ය වුවහොත් සංචරණ සීමා පැනවීමට කටයුතු කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

යුද හමුදාපතිවරයා පවසන්නේ පසුගිය නත්තල් උත්සව සමයෙන් පසු මෙරට කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය ඉහළයෑම මගින් එවැනි කලසීමාවන් තුළ ජනතාව සෞඛ්‍ය උපදෙස් නිසිපරිදි පිළිනොපදින බවට තහවුරු වූ බවය.

කොළඹදී මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව කියා සිටියේය.

“දෙසැම්බර් නත්තල් සහ ඉන් පසුව තිබිච්ච දීර්ඝ නිවාඩුවෙන් පස්සේ වැඩිම කොවිඩ් ආසාදිතයින් හමුවුණේ ජනවාරි පෙබරවාරි මාසවල. 2020ට පෙර, අපි පුරුදු වෙලා තියෙන විදිහට උත්සව සමරන්න ගියොත් යම්කිසි වෙනසක් ඇතිවෙන්නත් හැකියාවක් තිබෙනවා.”

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ යුද හමුදාපතිවරයා පැවසුවේ නිරෝධායනය සඳහා පනවා ඇති මාර්ගෝපදේශයන්ගේද වෙනසක් ඉදිරි දින කිහිපය තුළ සිදුවනු ඇති බවය.

“බොහෝ දුරට නිරෝධායන ක්‍රමය සම්බන්ධයෙන් දින ගණන් වෙනස් වෙන්න ඉඩ තියෙනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ගේ නිරෝධායන කාලසීමාව වෙනසක් වෙන්න තිබෙනවා. එන්නත් 2කම ලබාගෙන දින 14කින් පස්සේ මෙරටට පැමිණෙන අයට නිරෝධායනයකින් තොරව PCR එකකින් පසුව යන ක්‍රමවේදයක් පිළිබඳව උපදෙස් ලබාදීමට නියමිතව තිබෙනවා.”

මේ අතර විදෙස්ගතව සිට පැමිණෙන පුද්ගලයින්ට පනවා ඇති නිරෝධායන මාර්ගෝපදේශයන්ගේ සිදුවන වෙනස්වීම් සම්බන්ධයෙන් ‘අද දෙරණ’ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ මහත්මියගෙන් ද විමසීමක් කළාය.

එහිදී ඇය පැවසුවේ සංචාරක ක්ෂේත්‍රයේදී පැන ගැගෙන ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් දැනුවත්කර ඇති අතර ඒ අනුව ඉදිරියේදී පනවා ඇති මාර්ගෝපදේශයන්හි වෙනසක් සිදුවනු ඇති බවය.

“රට විවෘත කළාට සෞඛ්‍ය මාර්ගෝපදේශවල යම් යම් සීමා තියෙනවා. මේවා සමග අනෙක් රටවල් සමග තරගකාරී මට්ටමට යන්න යම් අපහසුකාරී තත්ත්වයන් තියෙනවා. ඒ නිසා සෞඛ්‍ය තත්ත්වයත් ආරක්ෂා කරගෙන මේවා ලිහිල් කරන්නයි යෝජනා කළේ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඩෙල්ෆ් දූපත බලා යාත්‍රා කරමින් තිබූ කුඩා යාත්‍රාවක් අනතුරකට ලක්වේ

කුරිකට්ටුවාන් සිට ඩෙල්ෆ් බලා යාත්‍රා කරමින් තිබියදී අනතුරට ලක් වූ කුඩා ප්‍රමාණයේ යාත්‍රාවක සිටි 10 දෙනෙකු නාවික හමුදාව විසින් බේරා ගෙන රෝහල් ගත කෙරේ...

2026 වාහන ප්‍රදර්ශන පෙළපාලිය ඇරැඹේ

​ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය (Ceylon Automobile Importers Association -CAIA) සංවිධානය කළ "Motor Rally 2026" වාහන ප්‍රදර්ශන පෙළපාලිය අද (16) කොළඹ Port City පරිශ්‍රයෙන් ආරම්භ...

වෙනසක් වෙනුවෙන් වෙනස් වෙමු දිලිත්ගෙන් තරුණ ප්‍රජාවට ආරාධනාවක්

"වෙනසක් වෙනුවෙන් වෙනස් වෙමු " එයයි අපගේ පණිවිඩය - දිලිත් තරුණ ජන මතය කලඹයිරට වෙනස් කරන කුළුදුල් ඡන්ද එක් ලක්ෂ පනස් දහසක් සමඟින් ඉදිරියට ශ්‍රී...

මහා සංඝරත්නයෙන් සිදුවන ආධ්‍යාත්මික මග පෙන්වීම ඉතාම වැදගත් -අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි

රජයේ වැඩපිළිවළ තුළ , මහා සංඝරතනයෙන් සිදුවන ආධ්‍යාත්මික මඟපෙන්වීම හා සමාජ වටිනාකම් ශක්තිමත් කිරීම සඳහා ලබාදෙන සහයෝගය ඉතා වටිනා ශක්තියක්අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය -රජයේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img