Monday, August 17, 2026
HomeNEWSඅත්අඩංගුවට පත් ස්වර්ණමහල් හිටපු අධ්‍යක්ෂවරු අද අධිකරණයට

අත්අඩංගුවට පත් ස්වර්ණමහල් හිටපු අධ්‍යක්ෂවරු අද අධිකරණයට

අත්අඩංගුවට පත් ස්වර්ණමහල් හිටපු අධ්‍යක්ෂවරු අද අධිකරණයට

මුදල් විශුද්ධීකරණ පනතට අදාළව ඊයේ (16) අත්අඩංගුවට ගනු ලැබූ ETI සහ ස්වර්ණමහල් ජුවෙලර්ස් පුද්ගලික සමාගමේ හිටපු අධ්‍යක්ෂවරුන් අද (17) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

නීතිපතිවරයාගේ උපදෙස් පරිදි එලෙස අත්අඩංගුවටගෙන තිබුණේ ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ අංජලී එදිරිසිංහ යන අය වේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන බවය.

මේ අතර ETI තැන්පත්කරුන්ට නිසි සාධාරණයක් ඉටුකිරීමට රජය මේ වනතෙක් ක්‍රියාකර නොමැති බව ETI තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංවිධානයේ සභාපති අනූෂා ජයන්ති මහත්මිය පැවසුවාය.

ඇය පවසන්නේ ඒ සඳහා පත්කළ කොමිසම මගින් ඉදිරිපත්කර ඇති නිර්දේශ පිළිබඳව ද ජනතාව දැනුවත්කර එහි වරදකරුවන් සියලු දෙනාට නිසි දඬුවම් ලබාදිය යුතු බවය.
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඩෙල්ෆ් දූපත බලා යාත්‍රා කරමින් තිබූ කුඩා යාත්‍රාවක් අනතුරකට ලක්වේ

කුරිකට්ටුවාන් සිට ඩෙල්ෆ් බලා යාත්‍රා කරමින් තිබියදී අනතුරට ලක් වූ කුඩා ප්‍රමාණයේ යාත්‍රාවක සිටි 10 දෙනෙකු නාවික හමුදාව විසින් බේරා ගෙන රෝහල් ගත කෙරේ...

2026 වාහන ප්‍රදර්ශන පෙළපාලිය ඇරැඹේ

​ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය (Ceylon Automobile Importers Association -CAIA) සංවිධානය කළ "Motor Rally 2026" වාහන ප්‍රදර්ශන පෙළපාලිය අද (16) කොළඹ Port City පරිශ්‍රයෙන් ආරම්භ...

වෙනසක් වෙනුවෙන් වෙනස් වෙමු දිලිත්ගෙන් තරුණ ප්‍රජාවට ආරාධනාවක්

"වෙනසක් වෙනුවෙන් වෙනස් වෙමු " එයයි අපගේ පණිවිඩය - දිලිත් තරුණ ජන මතය කලඹයිරට වෙනස් කරන කුළුදුල් ඡන්ද එක් ලක්ෂ පනස් දහසක් සමඟින් ඉදිරියට ශ්‍රී...

මහා සංඝරත්නයෙන් සිදුවන ආධ්‍යාත්මික මග පෙන්වීම ඉතාම වැදගත් -අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි

රජයේ වැඩපිළිවළ තුළ , මහා සංඝරතනයෙන් සිදුවන ආධ්‍යාත්මික මඟපෙන්වීම හා සමාජ වටිනාකම් ශක්තිමත් කිරීම සඳහා ලබාදෙන සහයෝගය ඉතා වටිනා ශක්තියක්අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය -රජයේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img