Tuesday, August 18, 2026
HomeNEWSපැහැරගත් බව කියන මාධ්‍යවේදියා හෙළිකළ සිදුවීම

පැහැරගත් බව කියන මාධ්‍යවේදියා හෙළිකළ සිදුවීම

පැහැරගත් බව කියන මාධ්‍යවේදියා හෙළිකළ සිදුවීම

තමාගේ පැහැරගැනීම පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පළකළ අදහස් තමා පිළිනොගන්නා බව පසුගියදා පැහැර ගැනීමට ලක්වූ බව කියන මාධ්‍යවේදී සුජීව ගමගේ මහතා අද (19) ප්‍රකාශ කළේය.

ඔහු “සියරට“ නම් පුවත්පතක නිදහස් මාධ්‍යවේදියෙකු ලෙස සේවය කරන තැනැත්තෙක් බව වාර්තා වේ.

ඔහුගේ පැහැර ගැනීමේ සිදුවීම පිළිබඳ පැමිණිල්ල ව්‍යාජ පැමිණිල්ලක් බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඊයේ (18) ප්‍රකාශ කළේය.  

සුජීව ගමගේ මහතා තමා මුහුණදුන් සිදුවීම සඳහන් කළේ සාධාරණ සමාජයක් උදෙසා වූ මාධ්‍යවේදියෝ නම් සංවිධානය අද කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

“ටිකට් එකේ අත්සන් කරලා ඉස්පිරිතාලෙට දෙන්නට ඕනේ පාස් එකත් දීලා. මාව එළියට අරගෙන එනකොට තමයි. අරගොල්ලෝ මාව අරගෙන දෙමටගොඩට ගෙනිච්චේ. ඊට පස්සේ පැයක් විතර මගෙන් එක එක ප්‍රශ්න ඇහුවා. ඊට පස්සේ මගේ බිරිඳ ගෙන්නුවා. බිරිඳ ගෙන්නලා. එයා රාත්‍රී 11.30 වෙනකන් ප්‍රශ්න කළා. බිරිඳ පපුවට ගහගෙන අඬන තත්ත්වයට පත්කළා. එයා එළියට යනකොට කිව්වේ වොයිස් කට් දෙන්න එපා ඔයා රජයේ සේවිකාවක්. වොයිස්කට් දීලා තිබුණොත් ලොකු ප්‍රශ්නයක් වෙයි. අනික ඔයාගේ මහත්තයාට එළියට එන්න හම්බවෙන්නෙත් නැහැ කියලා. එතන ඉඳල අයෙත් රෑ 2 විතර වෙනතුර මගෙන් එක එක ප්‍රශ්න ඇසුවා,“යනුවෙන් පහර කෑමට ලක්වූ බව කියන මාධ්‍යවේදී සුජීව ගමගේ මහතා පැවසීය.

තමා සතුව පැවති හඬ පටයක් ලබාගැනීමේ අරමුණින් කිසියම් පිරිසක් පැමිණ පසුගිය 10 වනදා තමන් පැහැරගෙන පිළිස්සුම් තුවාල සිදුකළ බවට “සියරට“ පුවත්පතේ නිදහස් මාධ්‍යවේදියෙකු බව පැවසෙන 62 හැවිරිදි සුජීව ගමගේ මහතා පොලිසියට පැමිණිල්ලක් කර තිබුණි. 

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශණයක් කළ පොලිසිය ඊයේ පැවසුවේ, එම සිද්ධිය ගෙතූ එකක් බවය. 

මේ අතර පැහැර ගැනීම සිදුකළ දින නිදහස් මාධ්‍යෙව්දී සුජීව ගමගේ, චතුර සේනාරත්න මහතාගේ කාර්යාලයට පැමිණ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා හමුවීම සම්බන්ධයෙන් කරුණු වීමසීම සඳහා ඔවුන් දෙදෙනාට අද දින කොළඹ අපරාධ කොට්ඨාසයේ පෙනී සිටින ලෙසට දැනුම් දී තිබුණි.

කෙසේ වෙතත්, ඔවුන් අද දින කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණ නොසිටි අතර එළැඹෙන සඳුදා දිනයේදී එහි පැමිණෙන බව රාජිත සේනාරත්න මහතා දැනුම් දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය (JDS) සඳහා ජපානයෙන් ජපන් යෙන් මිලියන 282ක ආධාර ප්‍රදානයක්

මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය (JDS) සඳහා ජපාන රජය විසින් ජපන් යෙන් මිලියන 282ක (රුපියල් මිලියන 591ක) ආධාර ප්‍රදානයක් ලබා දී ඇත. මෙම ව්‍යාපෘතියේ අරමුණ...

පෞද්ගලික බැංකු හතරක කළමණාකරුවන් සිව් දෙනකු FCID අත්අඩංගුවට

මෙරටට කිසිදු භාණ්ඩයක් ආනයනය නොකර ඇමරිකානු ඩොලර් බිලියනයක මුදලක් මාරු කිරීමේ සිද්ධියේ විමර්ශනයට අදාළව පෞද්ගලික බැංකු හතරක කළමනාකරුවන් හතරදෙනෙකු FCID අත්අඩංගුවට.

ඩෙල්ෆ් දූපත බලා යාත්‍රා කරමින් තිබූ කුඩා යාත්‍රාවක් අනතුරකට ලක්වේ

කුරිකට්ටුවාන් සිට ඩෙල්ෆ් බලා යාත්‍රා කරමින් තිබියදී අනතුරට ලක් වූ කුඩා ප්‍රමාණයේ යාත්‍රාවක සිටි 10 දෙනෙකු නාවික හමුදාව විසින් බේරා ගෙන රෝහල් ගත කෙරේ...

2026 වාහන ප්‍රදර්ශන පෙළපාලිය ඇරැඹේ

​ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය (Ceylon Automobile Importers Association -CAIA) සංවිධානය කළ "Motor Rally 2026" වාහන ප්‍රදර්ශන පෙළපාලිය අද (16) කොළඹ Port City පරිශ්‍රයෙන් ආරම්භ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img