Tuesday, August 18, 2026
HomeNEWSජනාධිපති කොමිෂන් සභා 3ක කටයුතු ලබන මස ඇරඹේ

ජනාධිපති කොමිෂන් සභා 3ක කටයුතු ලබන මස ඇරඹේ

ජනාධිපති කොමිෂන් සභා 3ක කටයුතු ලබන මස ඇරඹේ

නව ජනාධිපති කොමිෂන් සභා 3ක කටයුතු ලබන මාසය වන විට ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ.

මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසම, රේගු දෙපාර්තමේන්තුවේ වත්මන් තත්ත්වය අධ්‍යයනය කර එහි ඵලදායීතාව ඉහළ නැංවීමේ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන  ජනාධිපති කොමිසම සහ දේශපාලන පළිගැනීම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට පත්කළ විශේෂ ජනාධිපති කොමිසමේ කටයුතු එලෙස ආරම්භ වීමට නියමිතව තිබේ.

එම කොමිෂන් සභා සඳහා සාමාජිකයින් පත්කර තිබුණ ද ඒවායේ සාක්ෂි විමසීමේ කටයුතු මෙතෙක් ආරම්භ කර නැත.

කෙසේවෙතත් මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසම විසින් පැමිණිලි භාර ගැනීමේ කටයුතු ආරම්භ කර ඇති අතර අප්‍රේල් මස 2 වනදා දක්වා අදාළ පැමිණිලි එම කොමිසම වෙත ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමි වේ.

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ වත්මන් තත්ත්වය අධ්‍යයනය කර එහි ඵලදායීතාව ඉහළ නැංවීමට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරාන් ඇන්තනී ගුණරත්න මහතාගේ සභාපතීත්වයෙන් යුතු ජනාධිපති කොමිසමක්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කරනු ලැබීය.

මීට අමතරව දේශපාලන පළිගැනීම් පිළිබද ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව මගින් දක්වා ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පසුගියදා පත් කෙරුණි.

යහපාලන ආණ්ඩු සමයේ දූෂණ විරෝධී කමිටුවේ සාමාජිකයින් සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිළිබඳව එහිදී විශේෂ අවධානයක් යොමු වීමට නියමිතය.

එම කොමිෂන් සභා දෙකෙහි කටයුතු ද ලබන අප්‍රේල් මාසය වන විට ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය (JDS) සඳහා ජපානයෙන් ජපන් යෙන් මිලියන 282ක ආධාර ප්‍රදානයක්

මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය (JDS) සඳහා ජපාන රජය විසින් ජපන් යෙන් මිලියන 282ක (රුපියල් මිලියන 591ක) ආධාර ප්‍රදානයක් ලබා දී ඇත. මෙම ව්‍යාපෘතියේ අරමුණ...

පෞද්ගලික බැංකු හතරක කළමණාකරුවන් සිව් දෙනකු FCID අත්අඩංගුවට

මෙරටට කිසිදු භාණ්ඩයක් ආනයනය නොකර ඇමරිකානු ඩොලර් බිලියනයක මුදලක් මාරු කිරීමේ සිද්ධියේ විමර්ශනයට අදාළව පෞද්ගලික බැංකු හතරක කළමනාකරුවන් හතරදෙනෙකු FCID අත්අඩංගුවට.

ඩෙල්ෆ් දූපත බලා යාත්‍රා කරමින් තිබූ කුඩා යාත්‍රාවක් අනතුරකට ලක්වේ

කුරිකට්ටුවාන් සිට ඩෙල්ෆ් බලා යාත්‍රා කරමින් තිබියදී අනතුරට ලක් වූ කුඩා ප්‍රමාණයේ යාත්‍රාවක සිටි 10 දෙනෙකු නාවික හමුදාව විසින් බේරා ගෙන රෝහල් ගත කෙරේ...

2026 වාහන ප්‍රදර්ශන පෙළපාලිය ඇරැඹේ

​ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය (Ceylon Automobile Importers Association -CAIA) සංවිධානය කළ "Motor Rally 2026" වාහන ප්‍රදර්ශන පෙළපාලිය අද (16) කොළඹ Port City පරිශ්‍රයෙන් ආරම්භ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img