Sunday, August 16, 2026
HomeNEWSවාහනවල ගෙවී ගිය ටයර් පරීක්ෂාව තාවකාලිකව නවතී

වාහනවල ගෙවී ගිය ටයර් පරීක්ෂාව තාවකාලිකව නවතී

වාහනවල ගෙවී ගිය ටයර් පරීක්ෂාව තාවකාලිකව නවතී

ගෙවීගිය ටයර් භාවිත කරමින් ධාවනය කෙරෙන රථවාහන පරීක්ෂා කිරීමේ විශේෂ මෙහෙයුම තාවකාලිකව අත්හිටුවා තිබේ.

අද (24) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

“පෞද්ගලික අංශය රාජ්‍ය අංශය කියලා නෑ. ටයර් ගෙවෙනවා නම් හැමෝගෙම ගෙවෙනවා.  නමුත් ටයර් ලබාදීම සහ රජයේ අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් සමීක්ෂණයක් කරලා අවශ්‍ය ටයර් ගෙන්වීමට කටයුතු කරනවා. ඒ වගේම නීතිමය තත්ත්වය පරීක්ෂා කිරීම හා දඬුවම් කිරීම තාවකාලිව අත්හිටුවා තිබෙනවා. “

රථ වාහනවල ටයර් නිසි තත්ත්වයෙන් පවතින්නේදැයි සොයා බැලීම සඳහා පොලීසිය විසින් පසුගිය මාර්තු 22 වන දින සිට මෙහෙයුමක් ආරම්භ කළේය.

ඒ අනුව, දිවයිනේ ස්ථාන කිහිපයකම රථවාහන, පොලිසිය විසින් පරීක්ෂා කෙරුණු අයුරු දක්නට ලැබුණි. 

නමුත් විශේෂයෙන් ම රියැදුරන් පැවසුවේ ආදායම් අහිමිව ඔවුන් ගැටලු රැසකට මුහුණදෙමින් සිටින අවස්ථාවක පොලීසිය හරහා ඔවුන්ට දඩ පත්‍ර නිකුත් කිරීම අසාධාරණ බවය.

කෙසේවෙතත් ටයර් ආනයනයට රජය සීමා පැනවීමත් සමග වෙළෙඳපොළේ ටයර්වල මිල වැඩිවීමක් සහ හිඟයක් මේ වනවිට වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මහා සංඝරත්නයෙන් සිදුවන ආධ්‍යාත්මික මග පෙන්වීම ඉතාම වැදගත් -අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි

රජයේ වැඩපිළිවළ තුළ , මහා සංඝරතනයෙන් සිදුවන ආධ්‍යාත්මික මඟපෙන්වීම හා සමාජ වටිනාකම් ශක්තිමත් කිරීම සඳහා ලබාදෙන සහයෝගය ඉතා වටිනා ශක්තියක්අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය -රජයේ...

ශ්‍රී ලාංකේය විදුලි මෝටර් රථය නිපදවීමේ පුරෝගාමි සිල්වා මහාචාර්යවරයා මහා ප්‍රාඥයෙක්- එජාප සභාපති වජිර

අභාවප්‍රාප්ත මහාචාර්ය පී. ඒ. ද සිල්වා මහතාගේ අවමංගල්‍ය උත්සවය අමතා එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ඊයේ (15) කළ ප්‍රකාශය මහාචාර්ය පී....

ජර්මනියේ වෙබර් ශ්‍රී ලංකාවේ රොමේෂ්ට අභියෝග කිරීමට සැරසෙයි

2026, යුරෝපීය මලල ක්‍රීඩා ශූරතාවලියේ පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනාගැනීමට ජර්මනියේ ජුලියන් වෙබර් සමත්විය. එහිදී ඔහු වාර්තා කළ දුර ප්‍රමාණය මීටර් 90.40කි. යුරෝපීය...

ඕස්ට්‍රේලියාවේ ආයෝජකයින් මෙරටට ගෙන්වා ගැනීමට ඇමති හඳුන්නෙත්ති මෙල්බර් නුවරදිි සාකච්ඡා අරඹයි

ඕස්ට්‍රේලියානු ප්‍රමුඛ පෙළේ ආයෝජකයින් රැසක් ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා සඳහා සූදානම් වේ: අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සමඟ විශේෂ සාකච්ඡා වටයක් මෙල්බර්න් නුවරදී සාර්ථකව...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img