Sunday, August 16, 2026
HomeNEWSවිපක්ෂය පහර ගසමින් සිටින්නේ රට දිනවන ප්‍රතිපත්ති මාලාවටය ....

විපක්ෂය පහර ගසමින් සිටින්නේ රට දිනවන ප්‍රතිපත්ති මාලාවටය ….

විපක්ෂය පහර ගසමින් සිටින්නේ රට දිනවන ප්‍රතිපත්ති මාලාවටය ….

Ø රජයේ ප්‍රතිපත්ති සහ සංවර්ධන වැඩ ඉදිරියටගෙන යාමට ශක්තිමත්ව අත්වැල් බැඳගන්න …..

                                             ජනපති  පළාත් පාලන නියෝජිතයිනට කියයි.

Ø පුරනැඟුම 3 අදියර ළඟදීම ඇරඹේ ….

රජයේ ප්‍රතිපත්ති සහ සංවර්ධන ව්‍යාපාරය ඉදිරියට ගෙන යාම පිණිස ශක්තිමත්ව අත්වැල් බැඳ ගන්නැයි  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පළාත් පාලන නියෝජිතයිනට කියා සිටී. 

අද විපක්ෂය පහර ගසමින් සිටින්නේ රට දිනවන ප්‍රතිපත්ති මාලාවට එරෙහිවය. ජනතාව රජය කෙරෙහි තැබූ අපේක්ෂා ඉටුකරමින් සංවර්ධන වැඩ ඉදිරියට ගෙන යා යුතුය. රජයේ සැලසුම් නිසි ලෙස ක්‍රියාවට නංවමින් ජනතා ප්‍රශ්නවලට විසඳුම් දිය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කරයි. 

ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේ අද (26) පස්වරුවේ බත්තරමුල්ල දියත උයන පරිශ්‍රයේ පැවති පළාත් පාලන නියෝජිත හමුව අමතමිනි. බස්නාහිර, වයඹ සහ දකුණු පළාත්වලින් පැමිණි පළාත් පාලන නියෝජිතයෝ හමුවට එක්ව සිටියහ. 

පුද්ගලයන් නොව, රජයේ ප්‍රතිපත්ති ඉස්මතු කිරීමට සියලුදෙනා කැපවිය යුතුය. ප්‍රතිපත්ති බිඳ වැටුණොත් රට නැවත විනාශයට ඇඳ වැටීම වැළැක්විය නොහැකිය. රජය බලයට ගෙන ඒමට දුන් සහයෝගය සහ කැපවීම රජයේ ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමේදී ද සියලුදෙනාගෙන් අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා පැවසීය. 

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ප්‍රමුඛ අරමුණ දරිද්‍රතාව තුරන් කර ජනතාවට සෞභාග්‍යය උදා කිරීමය. දරිද්‍රතාව තුරන් කරමින් අඩු ආදායම්ලාභී ජනතාව නගා සිටුවීමට රජය විශාල වැඩකොටසක් කරමින් සිටී. ග්‍රාමීය දරිද්‍රතාව තුරන් කර ජනතාවට ඉහළ ජීවන තත්ත්වයක් අත් කර දීමට මේ වසර 05 තුළ කැපවන බව ජනාධිපතිතුමා කීය. 

ජනතා ගැටළු පිළිබඳ පුළුල් අවබෝධයක් පළාත් පාලන නියෝජිතයනට තිබේ. ග්‍රාමීය සංවර්ධන වැඩපිළිවෙලේදී එය ඉතා වැදගත් බව පෙන්වා දුන් ජනාධිපතිතුමා දේශපාලන වශයෙන් පමණක් නොව පරිපාලනමය වශයෙන් ද නායකත්වය ගෙන ග්‍රාමීය සංවර්ධන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට සහය වන්නැයි ඉල්ලා සිටියේය. 

රජයේ සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳ විපක්ෂය විවිධ බොරු ප්‍රචාර ගෙන යමින් සිටී. ගමට ගොස් ගමේ සංවර්ධනය සමග එක්වෙමින් බොරු ප්‍රචාර නිවැරදි කිරීමට ක්‍රියා කරන්නැයි ද ජනාධිපතිතුමා පළාත් පාලන නියෝජිතයිනට කීය. 

කවුරු කුමක් පැවසුවද පරිසරය සුරැකීමට රජය විශේෂ අවධානයකින් කටයුතු කරමින් සිටී. 2030 වන විට පුනර්ජනනීය බලශක්ති භාවිතය 70%ක් දක්වා ඉහළ නැංවීම, රසායනික පොහොර භාවිතය සෑම වසරකම 25%කින් අඩු කිරීම, කටුපොල් වගාව තහනම් කිරීම ඇතුළු පරිසරය වෙනුවෙන්  වැදගත් තීරණ රැසක් ගෙන තිබෙන බව එතුමා සිහිපත් කළේය.

ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක  “පුරනැඟුම”  03 වැනි අදියර ළඟදීම ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. පලාත් පාලන ආයතනවල බොහෝ අඩුපාඩුකම් සපුරාලීමට එමගින් හැකිවනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

පළාත් පාලන ආයතනවලට අවශ්‍ය බරවාහන ඇතුළු යන්ත්‍රෝපකරණ නැතිවීමෙන් මතුව ඇති ගැටළුවට  වසර අවසන්වන විට විසඳුම් ලැබෙනු ඇතැයි ද  බැසිල් රාජපක්ෂ මහතා කීය.  ප්‍රජා සංවිධානවලට ලබාදෙන අරමුදල් වැඩකිරීමට ද තීරණය කර තිබේ.  

පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්, අමාත්‍ය ප්‍රසන්න රණතුංග, රාජ්‍ය අමාත්‍යවරුන් වන රොෂාන් රණසිංහ, ඩී.වී. චානක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදේනි අතුකෝරාළ, සුමිත් උඩුකුඹුර, සාගර කාරියවසම්, මිලාන් ජයතිලක, මධුර විතානගේ, ජයන්ත කැටගොඩ, සුදත් මංජුල යන මහත්වරු ඇතුළු පිරිසක් හමුවට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඕස්ට්‍රේලියාවේ ආයෝජකයින් මෙරටට ගෙන්වා ගැනීමට ඇමති හඳුන්නෙත්ති මෙල්බර් නුවරදිි සාකච්ඡා අරඹයි

ඕස්ට්‍රේලියානු ප්‍රමුඛ පෙළේ ආයෝජකයින් රැසක් ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා සඳහා සූදානම් වේ: අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සමඟ විශේෂ සාකච්ඡා වටයක් මෙල්බර්න් නුවරදී සාර්ථකව...

ආබාධිත රණවිරුවන් කොටස් දෙකකට වෙන් කිරීම මානව හිමිකම් උල්ලංඝනණය කිරීමක්- විපක්ෂ නායක සජිත්

රට දැය බේරා ගැනීම උදෙසා ඇස්හිස් මස් ලේ තම ශරීර අවයව මෙන්ම ජීවිත පූජා කළ අප රටේ වීරෝධාර රණවිරු ප්‍රජාව අප රටේ භෞමික අඛණ්ඩතාව,...

අගුලානට ආසන්න මුහුදේ දී ඩෝරා යාත්‍රාවක් අනතුරකට ලක්වෙයි

අඟුලානට ආසන්න මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදා ඩෝරා යාත්‍රාවක් අනතුරට ලක් වෙයි. 11 ක් මුදා ගැනේ. මෙහෙයුම් සඳහා බෙල් 412 හෙලිකොප්ටර් යානයකුත් එක්වෙයි: නාවික හමුදාව.

ශිරාන් බාසික්ට පැය 72ක රැදවුම් නියෝග

ඩුබායිහි දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ, ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන "ශිරාන් බාසික්" නැමත්තාට පැය 72 ක රැදවුම් නියෝග: පොලිසිය
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img