විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 71වැනි සත්කාරය විපක්ෂ නායක ජංගම සේවයටඑක්වෙමින් හම්බන්තොට දී.
“දැන් රුපියල දවසින් දවස මොහොතින් මොහොත අව ප්‍රමාණය වෙමින් යනවා. දැන් ඩොලරය රුපියල් 202 ටත් ඉහළින් ගිහිල්ලා. මට මතකයි පොහොට්ටුව විපක්ෂයේ ඉන්න කොට අපේ ආණ්ඩුව කාලයේත් රුපියල මෙතරම් නෙමෙයි යම් අව ප්‍රමාණයක් සිදුවුණා. වර්තමාන මුදල් ඇමති තුමාත්, බන්දුල ගුණවර්ධන ඇමැතිතුමාත් දිනපතාම ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වලා ආණ්ඩුවේ අදක්ෂ කම ගැන කතා කළා. දැන් මම අහන්න කැමතියි රුපියලේ වටිනාකම ඩොලරයට සාපේක්ෂව 202 ට ඉහළ ගියපු එක හැකියාවද අදක්ෂ කමද ? පැහැදිලිවම එදා ප්‍රකාශ කළා පොහොට්ටුවට ආණ්ඩු බලය ලබා දෙන්න එතකොට රුපියල පාලනය කරන්නම් කියලා. දැන් හොඳට පේනවා රුපියල පාලනය කරන්නත් බෑ ,රට පාලනය කරන්නත් බෑ. ඒක තමයි වර්තමාන තත්ත්වය. මාර්තු මාසේ විතරක් කෝටි හාරදාහක් මුදල් අච්චු ගහලා තියෙනවා. කොහාටද මේ අච්චු ගහපු මුදල් යන්නේ ? ජනතා සේවයට කැප කරලා තිබෙනවද ? මේ රටේ ජනතාවට ගෙවල් ටික හැදෙනවද ? තරුණ පරපුරට රැකියා ටික ලැබෙනවද ? බඩු මිල අඩු වෙනවද ? සහන ලැබෙනවද ? මොනම දෙයක්වත් ලැබෙන්නේ නැහැ. කෝටි හාරදාහක් මාර්තු මාසේ විතරක් අච්චු ගහලා පාලකයෝ සුර සැප විඳිනවා, මහ පොළොවට පය ගහලා ජීවත් වන පොදු ජනතාව අන්ත අසරණ භාවයට පත් වෙලා සිටිනවා. විශේෂයෙන්ම මං තමුන්නාන්සේලාට කියන්න කැමතියි එදා පොරොන්දු වුණේ සෞභාග්‍යය කරා ගෙන යනවා කියලා. “සෞභාග්‍යෙය් ඉදිරි දැක්ම “. හැබැයි මුදල් අච්චු ගහන විදිහට සෞභාග්‍යය කරා නෙමේ ගෙනයන්නේ සිම්බාබ්වේ කරා තමයි ගෙනියන්නේ. සිම්බාබ්වේ ටත් වැඩිය අන්ත තත්ත්වයකට අපේ රට වැටිල තිබෙනවා. හිතාදර මිත්‍රවරුනි තමුන්නාන්සේලා දන්නවා මේ රටේ සීනි හොරකම ක්‍රියාත්මක කලා. කෝටි 1590ක් හොරා කෑවා. පෞද්ගලික සමාගමක් එක්ක එකතුවෙලා මේ සීනි හොරකම කරපු ආණ්ඩුවට අනාගතයේදී මේ රටේ ජනතාවට වන්දි ගෙවන්න සිද්ධ වෙනවා. අනිවාර්යෙන්ම ඒ සීනි හොරකමේ පාඩුව වගකිවයුතු පුද්ගලයින්ට මේ රටේ පොදු ජනතාවට ගෙවන්න වෙනවා කියන එක මම මේ අවස්ථාවේ පැහැදිලිවම කියන්න කැමතියි. දැන් සීනි හොරකමට අමතරව පිළිකාකාරක පොල්තෙලුත් වෙළඳපොළට එවලා හමාරයි. විෂ සහිත පොල් තෙල්. දේශප්‍රේමීත්වයේ නාමයෙන් ජනතාවට එවනවා විෂ සහිත පොල් තෙල්. දැන් අලුත්ම ආරංචිය දන්නවද මොකක්ද කියලා ? පිලිකා කාරක පරිප්පුත් දැන් අහුවෙලා. පිළිකාකාරක හොර පරිප්පු තොගයක් මේ වෙනකොට අහු වෙලා තිබෙනවා. ඉතින් මිත්‍රවරුනේ සීනිවලින් හොරා කනවා , විස පොල්තෙල් ජනතාවට ලබා දෙනවා ,දැන් පිලිකාකාරක පරිප්පුත් වෙළඳපොළට එවල. මොකක්ද මේ ආණ්ඩුව කරන්නේ ? මොකක්ද වෙළඳ ඇමැතිවරයා කරන්නේ? වෙළෙඳ ඇමැතිවරයා මහලොකුවට කියනවා එයා 1000ක සහන මල්ලක් දෙනවලු. 1000 සහන මල්ලක් නෙමෙයි 1000 කුණු බඩු මල්ලක් දෙනවා. “කුණු බඩු ” මිනිස් පරිභෝජනයට සුදුසු නොවන ආහාර මල්ලක් මේ ලබා දෙන්නේ. ඒ ගැන අපි පුදුමයක් වෙන්නේ නැහැ. ඇයි ? සීනි වලිනුත් හොරා කෑවා,ඒ වගේම පොල් තෙල් වලිනුත් විෂකාරක පොල්තෙල් ජනතාවට ලබා දුන්නා ඒ විතරක් නෙමෙයි දැන් පිළිකාකාරක පරිප්පුත් ලබා දෙනවා . මෙන්න මිත්‍රවරුනි වෙනසක් කරන්න ගිහිල්ලා කාපු පරිප්පුව. මුළු රටම මේ පරිප්පුව කාල තියෙන්නේ. මම පැහැදිලිව තමුන්නාන්සේලාට කියනවා මේ රටට අවශ්‍ය රටට ජනතාවට ආදරය කරන ,සේවය කරන්න හැකියාවක් තියෙන ,ජනතා සේවාවට කෑදරකමක් තිබෙන ,පොදුජන අවශ්‍යතාවයන් ඉෂ්ට කරන ජනතාවාදී ආණ්ඩුවක්. ඒ ආණ්ඩුව මතක තබා ගන්න අපි කවලම් ආණ්ඩුවක් කරන්නේ නෑ.දෙමුහුන් ආණ්ඩුවක් කරන්නේ නෑ . මින් ඉදිරියට බිහිවෙන්නේ ශුද්ද පිරිසිදු සමගි ජන බලවේග ආණ්ඩුවක්. අපි තනි පාලනයක් ඔස්සේ ,තනි දර්ශනයක් ඔස්සේ, තනි ගමනක් ඔස්සේ මේ රටේ ජනතාවට විශිෂ්ට ජනතා සේවාවක් ඉෂ්ට කරන්නට කටයුතු කරනවා. ඒ වගේම බොහොම පැහැදිලිව මේ ආණ්ඩුවේ ඇමතිවරුන්ට කියන්න කැමතියි ,රටේ ජනතාවට පිලිකාකාරක පොල්තෙල් සපයපු ඒ සමාගම්වල සල්ලි වලට යටත් වෙන්නේ නැතුව වහාම ක්‍රියාත්මක වන පරිදි ඒ ඒ සමාගම් වල ව්‍යාපාර බලපත්‍රය අහෝසි කරන්න. ඒක අත් හිටවන්න විනිවිද භාවයෙන් යුත් පරීක්ෂණයක් පවත්වන්න. සමාගම් වල සල්ලි වලට යට වෙන්න එපා. සමාගම් වල සල්ලි වලට මේ රටේ මිනිස් ජීවිත බිලි දෙන්න එපා. මිනිස් ජීවිත විකුණන්න එපා . වෙළඳ ඇමතිවරයාට මම කියනවා කරුණාකරලා පටන් ගත්තෙ භාණ්ඩ 27 ක මිල අඩු කරනවා කියලා පත්තරේ දැන්වීම් දාලා ,නමුත් ඒ ඔක්කොම හිස් පොරොන්දු. දැන් දාහෙ මල්ලත් කුණු බඩු මල්ලක් බවට පත්වෙලා. ඒකත් බොරු පොරොන්දුවක් . මම වෙළඳ ඇමතිවරයාට කියන්න කැමතියි තමුන්නාන්සේ ට කිසිම සදාචාරාත්මක අයිතියක් නෑ ඔය ඇමති පදවියේ ඉන්න. වහාම ඉල්ලා අස්වෙන්න ට ඕන. තමුන්නාන්සේ ඔප්පු කරලා හමාරයි කොච්චර ලස්සන වචන භාවිතා කරලා විරුද්ධ පක්ෂයේ ඉන්න කාලේ අපේ ආණ්ඩුවට ගැහුවත් ,බොහොම පැහැදිලිව ඔප්පු වෙලා තියෙනවා ආණ්ඩුවත් ෆේල් ,වෙළඳ ඇමතිවරයාත් ෆේල් . දැන් මුළු රටක් ෆේල් කරන්න තමයි මේ දුර්වල කොන්දක් නැති ,කශේරුකාව ක් නැති අසමත් ආණ්ඩුව කටයුතු කරන්නේ. මේ අසමත් ආණ්ඩුව අපි ජනතාව ගේ ආශිර්වාදයෙන් පරාද කරලා අපේම ජනතාවාදී ආණ්ඩුවක් අපි බිහි කරනවා. ඒ බිහිවුණු වහාම රට ගොඩනගන්නට සියලු දෙනාටම සූදානම් වෙන්න කියලා මම ප්‍රකාශ කරනවා.
ඇමති බන්දුල දෙන්නේ
දාහක සහන මල්ලක් නෙවේ,දාහක අසහන මල්ලක්
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 71වැනි සත්කාරය විපක්ෂ නායක ජංගම සේවයට ඊයේ(03) එක්වෙමින් හම්බන්තොට දී.