Friday, August 14, 2026
HomeNEWSජ්‍යෙෂ්ඨ පුරවැසි දීමනාව වැඩිකෙරේ

ජ්‍යෙෂ්ඨ පුරවැසි දීමනාව වැඩිකෙරේ

ජ්‍යෙෂ්ඨ පුරවැසි දීමනාව වැඩිකෙරේ

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ මාසික දීමනාව රු. 2,000 සිට රු. 2,500 දක්වා වැඩිකිරීමට ඉක්මනින්ම පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

මේ පිළිබඳ මේවන විටත් අවශ්‍ය කටයුතු සිදුකෙරෙමින් පවතින බවත් රාජ්‍ය අමාත්‍යවරිය මෙහිදී සඳහන් කළාය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා අද (05) පාර්ලිමේන්තුවේදී යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරිය මේ බව ප්‍රකාශකළාය.

ජ්‍යෙෂ්ඨ පුරවැසි දීමනාව ලබාගන්නා පිරිස 416,677ක් සිටිනා බවත් එම පිරිසෙන් 238,640ක් සඳහා එම දීමනාව රුපියක් 2,500 දක්වා වැඩිකිරීමට දැනටමත් අවශ්‍ය කටයුතු සිදුකොට ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරිය පැවසුවාය.

ඉතිරි පිරිස සඳහාද ඉක්මනින් එම රු.500 වැඩිකිරීමට කටයුතු කරන බව වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මෙහිදී වැඩිදුරටත් සඳහන් කළාය.

එසේම විදේශ වන්දනා ගමන් සඳහා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අඩු පොලියට ණය ලබාදීමට බැංකු කිහිපයක් සමග සාකච්ඡාකොට ඇති බවද රාජ්‍ය අමාත්‍යවරිය මෙහිදී පැවසුවාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

එදා සමාජවාදී ජවිපෙ අද ධනවාදී වෙලා- විපක්ෂ නායක සජිත්

එදා සමාජවාදී ජවිපේ අද ධනවාදී වෙලා ජනතාව කරපිට බදු පිට බදු ගහනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය කාලයේ ජනතා විමුක්ති පෙරමුණ කිඹිහුමටත් පාරට...

ශ්‍රී ලංකාවේ නව ඇමරිකානු තානාපති එරික් මෙයර්

ශ්‍රී ලංකාවේ නව ඇමරිකානු තානාපතිවරයා ලෙස එරික් මෙයර් නිල වශයෙන් දිවුරුම් දෙයි: ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය .

හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ ගුණ සැමරේ

​​හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ 21 වන ගුණසමරුව පැවැත්වෙයි හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ 21 වන අනුස්මරණය වෙනුවෙන් සංවිධානය කරන ලද දානමය පිංකම...

22කට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ජාත්‍යන්තරයට

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ නායකයෝ (12) පෙරවරුවේ ශ්‍රී ලංකාවේ (කොළඹ) බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඇන්ඩෘ පැට්ට්‍රික් (Andrew Patrick) මහතා හමුවීමෙන් පසු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මාධ්‍යයට දැක්වූ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img