කොළඹ සිට නුවරඑළිය දක්වා අනාරක්ෂිත ලෙස ‘දුරකථන රැහැන් රෝල්’ රැගෙන යමින් තිබු ලොරි රථයකින් එම ‘රෝල’ කිහිපයක් ප්‍රධාන මාර්ගයට වැටී පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.
ඊයේ (07) දහවල් 12.30ට පමණ එම අනතුර සිදුව ඇත්තේ හැටන් – නුවර එළිය ප්‍රධාන මාර්ගයේ හැටන් කුඩාගම ප්‍රදේශයේ දීය.
ලොරි රථය වංගුවක් ගැනීමත් සමග එහි තිබු ‘රෝල්’ කිහිපයක් මාර්ගයට පෙරළීමෙන් මාර්ගයේ ගමන් කරමින් සිටි තරුණයින් දෙදෙනෙක් එලෙස තුවාල ලබා තිබේ.
ඔවුන්ගේ ඇඟට විසි වී එන ‘රෝල්වලින්’ බේරීමට මාර්ගයෙන් ඉවතට දිවයෑමේ දී තුවාල සිදුව ඇත.
දුරකථන රැහැන් රෝල් මාර්ගයේ පෙරළී යෑමත් සමග ලොරි රථයේ රියදුරු, රථය නවතා නැවත එම ‘රෝල්’ පටවා ගෙන ගොස් ඇතැයි “අද දෙරණ“ වාර්තාකරු පැවසීය.
‘දුරකථන රැහැන් රෝල්’ මාර්ගයේ පෙරළී යන අයුරු අසල තිබු CCTV කැමරාවක මෙලෙස සනිටුහන් විය.






















