Thursday, August 13, 2026
HomeNEWSඋත්සව සමය වෙනුවෙන් විශේෂ බස් සහ දුම්රිය සේවාව අද සිට

උත්සව සමය වෙනුවෙන් විශේෂ බස් සහ දුම්රිය සේවාව අද සිට

උත්සව සමය වෙනුවෙන් විශේෂ බස් සහ දුම්රිය සේවාව අද සිට

උත්සව සමය වෙනුවෙන් ගම්බිම් බලා යන මගී ජනතාව වෙනුවෙන් වු විශේෂ බස්රථ සේවාව අද (09) සිට ක්‍රියාත්මක බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

එහි සභාපති කිංස්ලි රණවක මහතා සඳහන් කළේ, එම කාලය තුළ අමතර බස් රථ 400ක් පමණ යෙදවීමට පියවර ගෙන ඇති බවය. 

ඒ අනුව අද සිට අප්‍රේල් මස 15 දක්වා එම බස් රථ ධාවනය කිරීමට නියමිත බව ද ඒ මහතා පැවසීය.

ගම්බිම්වලට ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සඳහා අවශ්‍ය බස් රථ කොළඹීන් පිටත් කිරීමට වැඩ පිළිවෙලක් සකස් කර අවසන් බවත්, ඒ සඳහා කොන්දොස්තර හා රියදුරු මහතුන්ගේ නිවාඩු පිළිබඳ තීන්දුව මේ වන විට අදාළ ඩිපෝවලට යොමුකර ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

“සාමාන්‍යයෙන් කොළඹින් පිටතට බස් රථ 800ක් පමණ ගමන් කරනවා. අලුත් අවුරුදු සමය වෙනුවෙන් එය 1000ක් දක්වා වැඩි කිරීමට අපි කටයුතු කරලා තියෙනවා. ඊට අමතරව අපි තවත් බස් රථ 200ක් යෙදවීමට මේ වන විට සැලසුම් කරලා තියෙනවා.“

එමෙන්ම අමතර දුම්රිය 21ක් සහ අමතර දුම්රිය ගමන්වාර 58ක් ද අද සිට ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ශ්‍රී ලංකාවේ නව ඇමරිකානු තානාපති එරික් මෙයර්

ශ්‍රී ලංකාවේ නව ඇමරිකානු තානාපතිවරයා ලෙස එරික් මෙයර් නිල වශයෙන් දිවුරුම් දෙයි: ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය .

හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ ගුණ සැමරේ

​​හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ 21 වන ගුණසමරුව පැවැත්වෙයි හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ 21 වන අනුස්මරණය වෙනුවෙන් සංවිධානය කරන ලද දානමය පිංකම...

22කට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ජාත්‍යන්තරයට

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ නායකයෝ (12) පෙරවරුවේ ශ්‍රී ලංකාවේ (කොළඹ) බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඇන්ඩෘ පැට්ට්‍රික් (Andrew Patrick) මහතා හමුවීමෙන් පසු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මාධ්‍යයට දැක්වූ...

ජනපති සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර හමුවක්

ජනපති සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර හමුවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර හමුවක් (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. පැයකට...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img