Wednesday, August 5, 2026
HomeNEWSඅධිවේගයේ නොසැලකිළිමත්ව ගමන් ගත් තරුණයින් අත්අඩංගුවට

අධිවේගයේ නොසැලකිළිමත්ව ගමන් ගත් තරුණයින් අත්අඩංගුවට

දක්ෂිණ අධිවේගයේ මෝටර් රථයක නොසැලකිළිමත් ව ගමන් ගත් තරුණයින් සිව්දෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

අද (13) උදෑසන අධිවේගී මාර්ග ආරක්ෂණ කොට්ඨාසය විසින් එම තරුණයින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මහනුවර, අකුරණ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 18ත් 20ත් අතර පසුවන තරුණයින් වේ.

අයුතු අවහිර කිරීම හා අයුතු ජනරාශියක සාමාජිකයින් ලෙස කටයුතු කිරීම යන චෝදනා යටතේ ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරුවන් පානදුර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

පසුගිය අප්‍රේල් 10 වන දින අධිවේගයේ ගමන් ගත් එම මෝටර් රථයේ රියදුරු ඊයේ දිනයේ දී අත්අඩංගුවට ගත් අතර පානදුර අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුව අප්‍රේල් මස 22 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අපරික්ෂාකාරී නොසැලකිළිමත් ධාවනය හා අන් අයට අන්ත්‍රාවක් සිදුවන ආකාරයෙන් රිය ධාවනය සම්බන්ධයෙන් එම සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හිටපු අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් අත්අඩංගුවට

හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගැනේ.

ආණ්ඩුව මහානායක හිමිවරුන්ටත් බොරු කරනවා -දයාසිරි

ආණ්ඩුව මහානායක හිමිවරුන්ටත් බොරුකරන බවට සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා චෝදනා නගනවා. ඔහු පාර්ලිමේන්තුවේ පැවති විවාදයකට සහභාගි වෙමින් මේ...

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානය සමඟ නව සාකච්ඡා ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ලෝක බොරතෙල් මිල 5% කට ආසන්න ප්‍රමාණයකින් පහළට. බ්‍රෙන්ට් ‍ බොරතෙල් බැරලයක්...

කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ.. පහත් බිම්වල ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම නිසා එහි ජලය මහවැලි ගඟට මුදා හැරීම හේතුවෙන් උලපනේ, ගෙලිඔය, ගම්පොළ, පේරාදෙණිය සහ කටුගස්තොට යන ප්‍රදේශවල ගඟ දෙපස...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img