Thursday, September 24, 2026
HomeNEWSස්ථාන තුනකදී දුම්රියේ ගැටී තිදෙනෙකු මරුට

ස්ථාන තුනකදී දුම්රියේ ගැටී තිදෙනෙකු මරුට

ස්ථාන තුනකදී දුම්රියේ ගැටී තිදෙනෙකු මරුට

දුම්රියේ ගැටීමෙන් සිදුවන මරණවල ඉහළයාමක් දක්නට ලැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියේ, ඊයේ (19) ස්ථාන තුනකදී දුම්රියේ ගැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇති බවය. 

බූස්ස සහ ගිංතොට අතර දුම්රිය මාර්ගයේ දී 60 හැවිරිදි පුද්ගලයෙක් දුම්රියේ ගැටී මියගොස් තිබේ.

පුත්තලම සිට කොළඹ දක්වා ධාවනය වූ දුම්රියක ගැටීමෙන් 71 හැවිරිදි පුද්ගලයෙක් පුත්තලම ප්‍රදේශයේ දී මියගොස් තිබේ.

මේ අතර හබරාදූව පොලිස් වසමේ තල්පේ, මිහිරිපැන්න ප්‍රදේශයේ දී දුම්රියක ගැටී කාන්තාවක් මියගොස් තිබේ. 

මේ කාන්තාව කවුරුන්ද යන්න පිළිබඳව තවමත් හඳුනාගෙන නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් හබරාදූව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

එක්සත් ජාතීන්ගේ 81 වන මහා මණ්ඩල සැසියට ඇමති විජිත ඇමෙරිකාවට

එක්සත් ජාතීන්ගේ 81 වන මහා මණ්ඩල සැසිය සහ ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයාගේ ඇමරිකානු සංචාරය එක්සත් ජාතීන්ගේ (UN) මහා මණ්ඩලය යනු ලෝකයේ රටවල් එකම බහුපාර්ශ්වික වේදිකාවකට...

22 වැනි සංශෝධනය සජබ රජයක් තුළ අහෝසි කරනවා – විපක්ෂ නායක සජිත්

අද සම්මත කරන 22 වැනි සංශෝධනය සජබ රජයක් තුළ අහෝසි කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය...

රාජ්‍ය නිලධාරීන්ගේ සහ විශ්‍රාමිකයන්ගේ වැටුප් ගැටලුවලට තිරසාර විසඳුම් ලබා දෙනවා-අගමැතිනිය

රාජ්‍ය නිලධාරීන්ගේ සහ විශ්‍රාමිකයන්ගේ වැටුප් ගැටලුවලට තිරසාර විසඳුම් ලබා දෙනවා -අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය රාජ්‍ය නිලධාරීන්ගේ සහ විශ්‍රාමිකයන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් ප්‍රතිපත්තිය තිරසාර ලෙස කළමනාකරණය...

22ක දැන්වත් අකුලා ගන්නා ලෙසටයි ජනතාව ඉල්ලා සිටින්නේ- සජබ මහ ලේකම්

ප්‍රජාතන්ත්‍රවාදය වනසන 22 එපා” යන තේමාව යටතේ සමගි ජන බලවේගය සංවිධානය කරනු ලබන උද්ඝෝෂණය සහ විරෝධතාවය අද (24) පෙරවරුවේ බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේදී පැවැත්වුණි. බත්තරමුල්ල, පොල්දූව...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img