Sunday, August 2, 2026
HomeNEWSකෝප් සහ කෝපා කමිටු හමුවට ආයතන හතරක් මේ සතියේ කැදවයි.

කෝප් සහ කෝපා කමිටු හමුවට ආයතන හතරක් මේ සතියේ කැදවයි.

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව ( කෝප් කමිටුව) සහ රජයේ ගිණුම් පිළිබද කාරක සභාව (කෝපා කමිටුව) හමුවට මේ සතිය තුළ ආයතන හතරක් විමර්ශන කටයුතු සදහා කැදවා ඇති බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

මේ අනුව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව ( කෝප් කමිටුව) හමුවට අප්‍රේල් 22 වන දින ශ්‍රී ලංකා  පාපන්දු සම්මේලනය ද  අප්‍රේල් 23 වන දින ජාතික චිත්‍රපට සංස්ථාව ද කැදවා ඇත.

තවද  රජයේ ගිණුම් පිළිබද කාරක සභාව (කෝපා කමිටුව) හමුවට අප්‍රේල් 21 වන දින ‘මුතුරාජවෙල තෙත්බිම සංරක්ෂණය’ පිළිබද සාකච්ඡා කිරීම සදහා  වනජීවි  සංරක්ෂණ දෙපාර්තමේන්තුව නැවත කැදවීමට නියමිත අතර ‘අයකරගැනීමට නියමිත බදු සහ දඩමුදල්’ පිළිබද  විමර්ශනය සදහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අප්‍රේල් 23 වන දින නැවත කැදවීමට නියමිතය.  

තවද රජයේ ගිණුම් පිළිබද කාරක සභාව මගින්  විශේෂ කාර්යන් සදහා ගෙන්වන වාහන ද්විත්ව කාර්ය වාහන ලෙස ලියාපදිංචි කිරීම  සහ H.S කේත ( HS codes)  පිළිබද විමර්ශනය සදහා පිහිටවු උප කමිටුව හමුවට අප්‍රේල් 20 වන දින අදාළ ආයතන කැදවා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රුමේෂ් තරංගට හෙල්ල විසි කිරීමෙි ඉසව්වේන් රන් පදක්කම

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල 2026: ශ්‍රී ලංකාවෙි රුමේෂ් තරංග හෙල්ල විසි කිරීමෙි ඉසව්වේ රන් පදක්කම දිනා ගනී. දක්ෂතාව මීටර 89.75 ක්.

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුටත් මරණ දඬුවම

පාස්කු ඉරුදින ප්‍රහාර සිද්ධියේ චෝදනාවලට අදාලව, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ බහුතර විනිසුරු මඩුල්ල විසින් මරණ දඬුවම නියම කරයි.

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම

පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා නොගැනීම ඇතුළු චෝදනාවලට වැරදිකරු කළ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේ බහුතර විනිසුරුවරු විසින් මරණ දඬුවම නියම කරයි.

නාමල්ට උණ

පසුගිය සතියේ නාමල් එක්සත් රාජධානිය බලා පිටත් වීමට සූදානම්ව සිටියේය. ඒ ඔහුගේ ඥාතියකුගේ උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වීම සඳහාය මේ සඳහා කෙසේ හො සහභාගී වන ලෙස...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img