Wednesday, July 29, 2026
HomeNEWSපාර්ලිමේන්තුව උණුසුම් කළ විවාදය

පාර්ලිමේන්තුව උණුසුම් කළ විවාදය

පාර්ලිමේන්තුව උණුසුම් කළ විවාදය

හෙට දිනයේ පැවැත්වීමට නියමිත දේශපාලන පළිගැනීම් පිළිබඳ පරීක්ෂා කිරීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පිළිබඳ විවාදය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ දී නොසන්සුන් තත්ත්වයක් හට ගැණුනි.

එහිදී ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන් සභාව මධ්‍යයට පැමිණ විරෝධතාවයේ නිරතවනු දක්නට ලැබුණි.

කෙසේවෙතත් ඇති වු උණුසුම් තත්ත්වයක් හේතුවෙන් විනාඩි 10ක කාලයක් සඳහා කල්තැබු පාර්ලිමේන්තු වේ කටයුතු මේ වන විට යළි ආරම්භ කර තිබේ.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වන සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා එහිදි පවසා සිටියේ විවාදයේ යෝජනාව ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් ඉදිරිපත් කළ බැවින් විවාදයේ ආරම්භයත් විපක්ෂයට හිමිවිය යුතු බවය.

එයට පිළිතුරු දෙමින් සභා නායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසා සිටියේ, පක්ෂ නායක රැස්වීමේ දී ඒ පිළිබඳ ගත් තීරණය අනුව කටයුතු කරන බවය.

නමුත් එය කිරිඇල්ල මහතා විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමග මැති ඇමතිවරු අතර, උණුසුම් වචන හුවමාරුවක් ඇති විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට විරුද්ධව ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඒකමතිකව යෝජනාවක් සම්මත කරගනී

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ආණ්ඩුවේ අදූරදර්ශී යෝජනාවට නීති ක්ෂේත්‍රයේ සියලුදෙනා විරුද්ධ බව නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා පවසයි. අද (29) උදෑසන 11 පමණ...

ගොවි සංවිධානවල ඉල්ලීමට අනුව සාධාරණ සහතික වී මිලක් ලබා දී තිබෙනවා- ඇමති ලාල්කාන්ත

ගොවිජන ජීවිත නගාසිටුවීමට සහ ජාතික ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් රජය කැපවී සිටිනවා– අනුරාධපුරයේ පැවැති විශේෂ ගොවි හමුවේදී කෘෂිකර්ම පශුසම්පත් ඉඩම් හා වාර්මාර්ග අමාත්‍ය කේ.ඩී.ලාල් කාන්ත...

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විශේෂ මහාසභා රැස්වීමක් අද (29) කොළඹදී

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විශේෂ මහසභා රැස්වීමක් අද (29) කොළඹදී පැවැත්වීමට නියමිතව තිබේ. එහි සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා පැවසුවේ, විනිසුරුවරුන්ගේ විශ්‍රාමයාමේ වයස් සීමාව වැඩි...

පුනරාවර්තන වියදම් අඩු කර ප්‍රාග්ධන වියදම් ඉහළ නැංවීමට සැලසුම්-ජනපති

9%ක මට්ටමක පවතින පුනරාවර්තන වියදම් අඩු කර, 4%ක් වන ප්‍රාග්ධන වියදම් ඉහළ නැංවීමේ අරමුණ ඇතිව ඉදිරි වසරේ ආර්ථික සැලසුම් සකස් කරනවා ගාල්ල දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img