මද්රසා පාසල් හා මුස්ලිම් අධිකරණ නීති ගැන ආණ්ඩුව තීරණයක් ගත යුතුයි -රතන හිමි
මද්රසා පාසල් සහ මුස්ලිම් අධිකරණ නීති සම්බන්ධයෙන් ආණ්ඩුව ඉදිරි සති දෙක තුන තුළ තීන්දුවක් ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසයි.
කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ එම අදහස් පළ කළේය.
පාස්කු ප්‍රහාරය සිදුව වසර දෙකක් ගතව ඇති අවස්ථාවක ආණ්ඩු පක්ෂයත් විපක්ෂයක් කුමක් සිදුකරන්නේ ද? යන ගැටලුව සමාජය ඉදිරියේ ඇති බව උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේය.
මද්රසා පාස්ලවල තිබෙන පාඨමාලා පිළිබඳ ව ආගමික කටයුතු අමාත්‍යාංශය හෝ අධ්‍යාපන අමාත්‍යාංශය දැනුවත් නොමැති බව ද රතන හිමියන් පැවසීය.
මද්රසා පාසල් රජය යටතට පත්කර ගත යුතු බවත්, කොමිෂන් සභාවේ නිර්දේශ පිළිබඳ ජාතික සම්මුතියක් සකසා ගැනීම ජනාධිපතිවරයා ඇති වගකීම බවත් උන්වහන්සේ කියා සිටියේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු උන්වහන්සේ,
“කොමිෂන් සභාවේ වැදගත් නිර්දේශ තියෙනවා. අපි එතනින් පටන් ගන්න ඕනේ. අපි දන්නවා සහරාන්ලා තවත් දහස් ගණනක් බිහිකරන්න පුළුවන් තැන තමයි මේ ඔලු හෝදන කර්මාන්ත ශාලා. ඒවට අපි කියනවා විශ්වවිද්‍යාල කියලා. අපි දන්නවා හිස්බුල්ලා විදේශ රටවලින් විශාල ඉඩම් අරන් තියෙනවා. කෝටි ගණනක ධනයක් අරගෙන මඩකලපුව විශ්වවිද්‍යාලය නමින් හදලා ඔලු හෝදන මධ්‍යස්ථානයක් ලෙස මධ්‍යස්ථානයක් ලෙස සකස් කරලා තියෙනවා. මෙවැනි දේ පිළිබඳ ගොඩක් ප්‍රශ්න තිබිය දී හිස්බුල්ලාගේ නඩුව අහන්නේ නැත්තේ ඇයි? කොමිෂන් සභාවේ කියලා තියෙනවා සූඛී මුස්ලිම්වරු සෑහෙන පිරිසක් ජීවිත් වුණා. වලදාපු මිනියටවත් ඒ ස්ථානවල ඉඩදුන්නේ නෑ සහරාන්ගේ ගෝලයෝ කියලා.






















