Wednesday, July 29, 2026
HomeNEWSඅධ්‍යාපනයේ සිදුකිරීමට බලාපොරොත්තු වන වෙනස්කම් ගැන ජනපති පහදයි

අධ්‍යාපනයේ සිදුකිරීමට බලාපොරොත්තු වන වෙනස්කම් ගැන ජනපති පහදයි

අධ්‍යාපනයේ සිදුකිරීමට බලාපොරොත්තු වන වෙනස්කම් ගැන ජනපති පහදයි

අධ්‍යාපනයේ නව නැම්මක් සඳහා අවශ්‍ය වෙනස්කම් කඩිනමින් හඳුන්වාදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

 “රටක් වටින පොතක්” තේමාව යටතේ පොත් දසදහසක් ලිවීමේ ජාතික වැඩසටහනේ පළමු අදිරයට  එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

අධ්‍යාපන අමාත්‍යංශය සහ පුස්තකාල ප්‍රලේඛන සේවා මණ්ඩලය ඒකාබද්ධව එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අතර දරුවන්ගේ නිර්මාණශීලී ලිවීමේ හැකියාව සහ කියවීමේ හැකියාව වැඩිදියුණු කිරීම මෙහි අරමුණ වේ.

එම අවස්ථාවට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා,

“රටක් දියුණු කරන්න පුළුවන් අධ්‍යාපනය දියුණු කිරීමෙන් බව සෑමදෙනාම එකඟවන කරුණක්. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ විශාල අවධානයක්, ප්‍රමුඛත්වයක් දීලා තියෙනවා අධ්‍යාපනය වෙනුවෙන්. ඒ වගේම අධ්‍යාපනයේ නව නැම්මක් ගෙන ඒමට අවශ්‍ය වෙනස්කම් ඇති කරන්නට ක්‍රියා කරගෙන යනවා. දරුවන් අධ්‍යාපනය අවසන් වීමෙන් පසු රටට වැඩදායි පුද්ගලයෙක් බවට පත්වෙන, ඒ වගේම ආර්ථිකයට ඍජුවම සහභාගී විය හැකි දරුවෙක් බවට පත්වෙන්නට අවශ්‍ය වෙනස්කම් අධ්‍යාපන කේෂ්ත්‍රය තුළ ඇති කරන්නට අපි ක්‍රියා කරගෙන යනවා.“

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විශේෂ මහාසභා රැස්වීමක් අද (29) කොළඹදී

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විශේෂ මහසභා රැස්වීමක් අද (29) කොළඹදී පැවැත්වීමට නියමිතව තිබේ. එහි සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා පැවසුවේ, විනිසුරුවරුන්ගේ විශ්‍රාමයාමේ වයස් සීමාව වැඩි...

පුනරාවර්තන වියදම් අඩු කර ප්‍රාග්ධන වියදම් ඉහළ නැංවීමට සැලසුම්-ජනපති

9%ක මට්ටමක පවතින පුනරාවර්තන වියදම් අඩු කර, 4%ක් වන ප්‍රාග්ධන වියදම් ඉහළ නැංවීමේ අරමුණ ඇතිව ඉදිරි වසරේ ආර්ථික සැලසුම් සකස් කරනවා ගාල්ල දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ...

ජපානයේ ප්‍රභල භූ කම්පනයක්..පිරිසක් සිරවෙති

නිරතදිග ජපානයේ හටගත් ප්‍රභල භූ කම්පනයකින් ගොඩනැගිලි කිහිපයක් කඩා වැටී ඇති අතර කඩා වැටුනු සාප්පු සංකීර්ණයක කොටසක පිරිසක් සිරවී සිටින බවට වාර්තා වේ. භූ කම්පනයෙන්...

ඇමති විජිත පිලිපීනයේ PHIVIDEC කාර්මික භූමිය නිරීක්ෂණයක

අමාත්‍ය විජිත හේරත් පිලිපීනයේ PHIVIDEC කාර්මික භූමිය නිරීක්ෂණය කරයි.Tagoloan නගරාධිපතිනියගෙන් ශ්‍රී ලංකා නියෝජිත පිරිසට විශේෂ ස්තූතියක්​පිලිපීනයේ 'PHIVIDEC කාර්මික භූමිය' (PHIVIDEC Industrial Estate) හි ස්ථාපිත...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img