Wednesday, July 29, 2026
HomeNEWSසති අන්තයේ සංචරණ සීමා පනවන්නැයි PHI සංගමයෙන් ඉල්ලීමක්

සති අන්තයේ සංචරණ සීමා පනවන්නැයි PHI සංගමයෙන් ඉල්ලීමක්

මේ මොහොත වන විට සමාජය තුළ විශාල ආසාදිතයින් සංඛ්‍යාවක් සිටින බවත් ඔවුන් හඳුනාගැනීම සඳහා සංචරණ සීමා පැනවීම අත්‍යාවශ්‍ය බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

අද (23) “අද දෙරණ BIG FOCUS” වැඩසටහන සමග එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

මේ වන විට සමාජයේ සිටින හඳුනා නොගත් ආසාදිතයින් සංචරණ සීමා පැනවීම තුළින් පවුලට හෝ එක් ප්‍රදේශයකට පමණක් සීමා කරගත හැකි බව ද ඒ මහතා පවසයි.

එවැනි අවස්ථාවක ආසාදිතයාගේ පළමු පෙළ ආශ්‍රිතයින් සොයාගැනීම හා නිරෝධායන ක්‍රියාවලිය පහසු වන බව ද පැවසු උපුල් රෝහණ මහතා සංචරණ සීමා පැනවීම තුළ ආසාදිතයින් සියයට 75ක් හෝ සොයාගැනීමට අවස්ථාව හිමිවන බව ද සඳහන් කළේය.

“එළඹෙන දීර්ඝ සති අන්තයේ ජනතාවගේ හැසිරීම ගැන අපිට පූර්ව අවබෝධයක් තියෙනවා නේ. දැනට යම් ආසාදිතයෝ ප්‍රමාණයක් සමාජයේ ඉන්නවා නම් මේ සති අන්තයේ ඒ ප්‍රමාණය දෙගුණ තෙගුණ වීම අනිවාර්යෙන්ම සිදුවෙනවා. ඒක පාලනය කර ගන්න ඕනේ ඉස්සෙල්ලාම. දෙවැනි කාරණය දැනට ඒ ඉන්න ආසාදිතයෝ ටික අපි හඳුනා ගන්න ඕනේ. “

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විශේෂ මහාසභා රැස්වීමක් අද (29) කොළඹදී

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විශේෂ මහසභා රැස්වීමක් අද (29) කොළඹදී පැවැත්වීමට නියමිතව තිබේ. එහි සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා පැවසුවේ, විනිසුරුවරුන්ගේ විශ්‍රාමයාමේ වයස් සීමාව වැඩි...

පුනරාවර්තන වියදම් අඩු කර ප්‍රාග්ධන වියදම් ඉහළ නැංවීමට සැලසුම්-ජනපති

9%ක මට්ටමක පවතින පුනරාවර්තන වියදම් අඩු කර, 4%ක් වන ප්‍රාග්ධන වියදම් ඉහළ නැංවීමේ අරමුණ ඇතිව ඉදිරි වසරේ ආර්ථික සැලසුම් සකස් කරනවා ගාල්ල දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ...

ජපානයේ ප්‍රභල භූ කම්පනයක්..පිරිසක් සිරවෙති

නිරතදිග ජපානයේ හටගත් ප්‍රභල භූ කම්පනයකින් ගොඩනැගිලි කිහිපයක් කඩා වැටී ඇති අතර කඩා වැටුනු සාප්පු සංකීර්ණයක කොටසක පිරිසක් සිරවී සිටින බවට වාර්තා වේ. භූ කම්පනයෙන්...

ඇමති විජිත පිලිපීනයේ PHIVIDEC කාර්මික භූමිය නිරීක්ෂණයක

අමාත්‍ය විජිත හේරත් පිලිපීනයේ PHIVIDEC කාර්මික භූමිය නිරීක්ෂණය කරයි.Tagoloan නගරාධිපතිනියගෙන් ශ්‍රී ලංකා නියෝජිත පිරිසට විශේෂ ස්තූතියක්​පිලිපීනයේ 'PHIVIDEC කාර්මික භූමිය' (PHIVIDEC Industrial Estate) හි ස්ථාපිත...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img