Wednesday, September 23, 2026
HomeNEWSඅද රාත්‍රියේ සිට ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

අද රාත්‍රියේ සිට ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

ගම්පහ, කළුතර සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා කිරීමට තීරණය කර තිබේ.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර  සිල්වා මහතා සඳහන් කළේ අද (26) රාත්‍රී 08.00 සිට ක්‍රියාත්මක වන පරිදි එම හුදකලා කිරීම් සිදුකෙරෙන බවය.

ඒ අනුව, ගම්පහ දිස්ත්‍රික්කයේ කොටදෙණියාව පොලිස් බල ප්‍රදේශයේ පොල්හේන, හීරලුගෙදර, කළුඅග්ගල යන ග්‍රාම සේවා වසම් සහ මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ අස්වැන්නවත්ත නැගෙනහිර ග්‍රාම සේවා වසම හුදකලා කෙරෙනු ඇත.

ඊට අමතරව කළුතර දිස්ත්‍රික්කයේ මීගහතැන්න පොලිස් බල ප්‍රදේශයේ මිරිස්වත්ත, පැලවත්ත උතුර සහ පැලවත්ත නැගෙනහිර යන ග්‍රාම සේවා වසම් ද හුදකලා කරනු ඇත.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ත්‍රිකුණාමලය පොලිස් බල ප්‍රදේශයේ පූම්පුහාර් ග්‍රාම සේවා වසම ද හුදකලා කිරීමට තීරණය කර ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

මීට අමතරට දඹුල්ල, ආර්ථික මධ්‍යස්ථාන පරිශ්‍රය ද සති දෙකක කාලයක් හුදකලා කෙරෙනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

චීන ජනපතිගේ ඇමරිකානු රාජ්‍ය සංචාරය ඇරඹේ

චීන ජනපතිගේ ඇමරිකානු රාජ්‍ය සංචාරය ඇරඹේ ඇමරිකානු රාජ්‍ය සංචාරයක් සඳහා චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අද(23) පස්වරුවේ විශේෂ ගුවන් යානයකින් බෙයිජිං අගනුවරින් පිටත්ව ගියා. ඒ...

විපක්ෂ නායක සජිත් IMF නියෝජිතයන් හමුවෙයි – 2027න් පසු ආර්ථිකය ගැනත් සාකච්ඡා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී පවත්වා තිබෙනවා ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය,...

උද්ධමන ඉලක්කය 5%ක පවත්වාගෙන යන්න IMF රජයට කියයි

ශ්‍රී ලංකාවේ උද්ධමන ඉලක්කය සියයට 5ක මට්ටමේ පවත්වාගෙන යාම සුදුසු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට අවධාරණය කර තිබේ. ශ්‍රී ලංකාවේ නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුවේ විශ්වසනීයත්වය...

ඇසුරුම් නොකළ පොල් තෙල් අලෙවිය තහනම් කිරීමට පියවර

දේශීය වෙළෙඳපොළේ ඇසුරුම් නොකළ පොල්තෙල් අලෙවිය තහනම් කිරීමට පියවර ගනිමින් සිටින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාවේ අනුකාරක සභාව හමුවේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img