Wednesday, September 23, 2026
HomeNEWSරත්තොට අභිරහස් ඝාතනය - අතුරුදන් වූ පුද්ගලයාගේ දෙමව්පියන්ගෙන් DNA සාම්පල ගනී

රත්තොට අභිරහස් ඝාතනය – අතුරුදන් වූ පුද්ගලයාගේ දෙමව්පියන්ගෙන් DNA සාම්පල ගනී

රත්තොට දොඹගොඩ ප්‍රදේශයේ තේ වත්තක තිබී පිලිස්සී ගිය මෘත ශරීරයක කොටස් සොයා ගැනීමේ සිද්ධියේ විමර්ශනවලදී දැනට අතුරුදන් බවට හඳුනාගෙන ඇති පුද්ගලයාගේ දෙමව්පියන් අද (27) දින මාතලේ රෝහල වෙත කැඳවා තිබේ.

අධිකරණ නියෝගයක් මත ඔවුන්ගෙන් රුධිර සාම්පල ලබාගෙන අදාළ මෘත ශරීරයේ සාම්පල සමග DNA වාර්තාවක් ලබා ගැනීමට එහිදී කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 

මාතලේ රත්තොට පොලිස් වසමේ දොඹගොඩ ප්‍රදේශයේ තේ වත්තක තිබී පිලිස්සී ගිය මෘත ශරීරයක කොටස් පොලීසිය විසින් පසුගිය 21වනදා සොයාගනු ලැබීය.

ඒ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක අතර මියගිය පුද්ගලයා කවුරුන් ද යන්න තවමත් හඳුනා ගැනීමක් සිදුකර නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

අදාළ මෘත ශරරීරයේ කොටස් සමග විද්‍යාත්මක සාක්ෂි ලබාගැනීමෙන් පසු මියගොස් ඇත්තේ කවුරුන්ද යන්න හඳුනා ගැනීමට නියමිත බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.

මෙතෙක් සිදුවූ විමර්ශනවලට අදාළව දැනට අතුරුදන් වී ඇතැයි පැවසෙන පුද්ගලයා, තලාහේන ප්‍රදේශයේ නව කාර්යාලයක් විවෘත කිරීමට සූදානම්ව සිටි ගොඩනැගිල්ල ද ඊයේ දිනයේ දැඩි පරීක්ෂාවකට ලක්කර තිබුණි. 

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ එහිදීත් රුධිර සාම්පල තිබූ බවට වාර්තා වූ බවය.

ඔහුගේ යැයි පැවසෙන, අනුරාධපුරයෙන් සොයාගනු ලැබූ මෝටර් රථයේද රුධිර සාම්පල ඇති බවට වාර්තා වූ බවද අජිත් රෝහණ මහතා පවසයි. ඊට අමතරව එහි තිබී ඇඟිලි සළකුණු ඇතුළු විද්‍යාත්ම සාක්ෂි ලබාගෙන ඇති බවද පැවසීය.

විමර්ශකයින්ගේ අවධානය යොමු වී ඇත්තේ අදාළ මියගිය පුද්ගලයා කවුරුන් ද යන්න නිසැකවම හඳුනා ගැනීමට බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඇසුරුම් නොකළ පොල් තෙල් අලෙවිය තහනම් කිරීමට පියවර

දේශීය වෙළෙඳපොළේ ඇසුරුම් නොකළ පොල්තෙල් අලෙවිය තහනම් කිරීමට පියවර ගනිමින් සිටින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාවේ අනුකාරක සභාව හමුවේ...

වසරේ මුල් මාස 8ට අපනයන ආදායම ඩොලර් බිලියන 12 ඉක්මවයි

2026 වසරේ පළමු මාස අට තුළ මෙරට අපනයන අංශය අමෙරිකානු ඩොලර් බිලියන 12 ක සීමාව ඉක්මවා ගොස් ඇති අතර, මුළු අපනයන ආදායම අමෙරිකානු ඩොලර්...

ඉදිරියේදී ඉන්ධන සහනාධාරයක්ද? මිල සංශෝධනයක්ද?

ඉදිරියේදී ඉන්ධන මිල සම්බන්ධයෙන් සහනාධාරයක් ලබාදීම හෝ මිල සංශෝධනයක් සිදුකිරීම සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා කරමින් පවතින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී....

‘සුභග’, ‘තාක්ෂණවේදය’ සහ ‘ සුජාත දියණි’ ශිෂ්‍යත්ව මුදල් වැඩි කිරීමට රජයේ අවධානය

අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක 'සුභග', 'තාක්ෂණවේදය' සහ 'සුජාත දියණි' ශිෂ්‍යත්ව වැඩසටහන් යටතේ ගෙවනු ලබන මුදල් සහ ශිෂ්‍යාධාර ලබන සිසුන් ප්‍රමාණය වැඩිකිරීමට රජයේ අවධානය යොමුව...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img