එක් එක් පාසල් අවට පවතින කොවිඩ් අවදානම් තත්ත්වය සම්බන්ධයෙන් තත්ත්වය කුමක්ද යන්න නිවැරදිවම දැනුවත්ව සිටින්නේ “පාසල් සෞඛ්‍ය කමිටුව” බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.
එබැවින් පාසල් වැසීම හෝ ආදාළ නිර්දේශ සම්බන්ධයෙන් නිවැරදි තීරණයකට එළඹිය හැක්කේ එම පිරිසට බව “කොවිඩ් අවදානම හා පාසල් දරුවා” නම් මාතෘකාව යටතේ අද (27) පැවති “දෙරණ බිග් ෆෝකස්” වැඩසටහනට එක්වෙමින් ඒ මහතා පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා,
“අධ්‍යාපන අමාත්‍යාංශයේ අපේ වගකීම තමයි දරුවන්ට අධ්‍යාපනය ලබාදීම. මොනයම් අභියෝගාත්මක තත්ත්වයක් වුණත් පාසලට එන දරුවට පාසල සෞඛ්‍යාරක්ෂීතව විවෘතකර තබාගැනීම. දෙමාපියන් නියෝජනය කරනවා පාසල් සංවර්ධන කමිටුව, ගුරුවරු, විදුහල්පති ඉන්නවා ග්‍රාමසේවක, මහජන සෞඛ්‍ය පරික්ෂක, ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරින් මේ අය තමයි දන්නේ ඒ අවදානම් තත්ත්වය. ඒ පිරිසට එකතුවෙලා සෘජු තීරණයක් ගන්න පුළුවන්.”
“කොවිඩ් තත්ත්වයක් එක්ක සමස්ත තීරණයක් ගත්තොත් සමහර පාසල් තියෙනවා හුදකලා වුණු පාසල්. එතකොට ඒ ළමයි එන්නේ හුදකලා වුණ ගම්මානෙන්. සමස්ථ තීරණයක් දුන්නොත් ඒ ළමයිට අධ්‍යාපනයක් ගන්න විදියක්ම නෑ. පාසල පමණයි තියෙන්නේ, ප්‍රාථමික පාසල්වල දුරස්ථ මාර්ගගත විදියට කරන්න බෑ. දරුවා පාසලෙන් ගිලිහෙනවා. ළමයා පාසලට ආවොත් සුරක්ෂිතයි. මෙතනදී ඒකාධිපතියෙක් විදියට තීරණයක් ගන්න බෑ.”
“ජාතික පාසල් හෝ පළාත් පාසල් හෝ කිසි ගැටලුවක් නෑ. ඒ කලාපයේ පාළාත් අධ්යක්ෂතුමා කියනවා නම් මේ ටික වහනවා කියලා, අපි වහනවා. පාසලේ විදුහල්පතිවරයාට පාසල වහන්න තනි තීරණයක් ගන්න බැරි නම්, එයාට කලාප අධ්‍යක්ෂකට කියලා තීරණයක් ගන්න පුළුවන්, එකත් බැරිනම් පළාත් අධ්‍යක්ෂකට කියලා ගන්න පුළුවන්. සම්පූර්ණ බලය තියෙනවා. එකත් බැරි නම් අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු භාර අතිරේක ලේකම්තුමා, ඊටත් බැරි නම් තමා අධ්‍යාපන ලේකම්තුමා. මෙහෙම කරන්නේ ක්ෂණිකව තීරණයක් දිය යුතු නිසා.”






















