මෙරට පළමු වරට, දිනක් තුළ වාර්තා වූ කොවිඩ් ආසාදිතයින්ගේ ප්‍රමාණය ඊයේ (27) 1000 සීමාව ඉක්මවා ගොස් තිබුණි.
ඊයේ දිනයේ මෙරටින් හඳුනාගැණුනු කොවිඩ් – 19 ආසාදිතයින් සංඛ්‍යාව 1,111කි.
ඊයේ හඳුනාගත් කොවිඩ් – 19 ආසාදිතයින් 1,111 දෙනා අතර විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයින් 15 දෙනෙකු ද සිටී.
සති කිහිපයකට පසුව කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේ ආසාදිතයින් 200 දෙනෙකු හඳුනාගෙන ඇති අතර එය ඊයේ දිනයේ හඳුනාගත් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.
මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් 198 දෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 70 දෙනෙකු හඳුනාගෙන තිබේ.
කෙසේවෙතත් කොවිඩ් ව්‍යාප්තියේ දැඩි බලපෑමක් එල්ල වී ඇති කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේ හඳුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 119 කි.
මීට අමතරව ගාල්ලේ ආසාදිතයින් 86ක්, මහනුවර ආසාදිතයින් 74ක්, නුවරඑළිය ආසාදිතයින් 55ක්, පොළොන්නරුව ආසාදිතයින් 41ක් මාතර ආසාදිතයින් 38ක්, මොනරාගල ආසාදිතයින් 37ක්, මාතලේ ආසාදිතයින් 32ක්, ත්‍රිකුණාමලය ආසාදිතයින් 28ක් සහ බදුල්ලෙන් ආසාදිතයින් 20ක් ලෙස වාර්තා වී තිබේ.
තවද මන්නාරම, කෑගල්ල, අම්පාර, අනුරාධපුර, වව්නියාව, රත්නපුර, පුත්තලම, යාපනය, මඩකලපුව, හම්බන්තොට සහ මුලතිව් යන දිස්ත්‍රික්කවලින් ද ආසාදිතයින් 20 කට අඩු සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.
එම පිරිසත් සමග මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 103,487කි.
එම ආසාදිතයින්ගෙන් 94,856 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබේ.
ඒ අනුව තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 7,976කි.
මේ අතර ඊයේ දිනයේ කොවිඩ් ආසාදිත මරණ 8ක් මෙරටින් වාර්තා වූ අතර සමස්ත කොවිඩ් -19 ආසාදිත මරණ සංඛ්‍යාව 655ක් දක්වා ඉහළ ගියේය.
කොවිඩ් -19 වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් මේ වනවිට මෙරට තුළ ග්‍රාම නිලධාරි කොට්ඨාස 24 ක් හුදකලා කර තිබේ.
දිස්ත්‍රික්ක 9 කට අයත් ග්‍රාම නිලධාරි කොට්ඨාස මෙලෙස හුදකලා කර ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.






















