හැටන්, කොටගල ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක සහකාර කළමනාකාරවරයාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
ඒ හේතුවෙන් අදාළ බැංකු ශාඛාව විෂබිජහරණය කර තාවකාලිකව වසා දමා ඇතැයි “අද දෙරණ“ වාර්තාකරු පැවසීය.
බැංකුවේ කාර්ය මණ්ඩලය ස්වයං නිරෝධානයට යොමු කිරීමට පියවර ගත් බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පැවසීය.
අදාළ බැංකුවේ සහකාර කළමනාකාරවරයාගේ බිරිඳට මීට පෙර කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ.
කොවිඩ් -19 රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන් සහකාර කළමනාකාරවරයා දික්ඔය මුලික රෝලට වෙත ඇතුළත් කළ අවස්ථාවේ සිදුකළ ඇන්ටිජන් පරීක්ෂාවෙන් පසුව ඔහු ආසාදිත බවට තහවුරු වී ඇත.






















