Thursday, November 12, 2026
HomeNEWSකෘෂිකර්මාන්තය හැර කර්මාන්ත කිහිපයකට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය ආනයනයට අවසර

කෘෂිකර්මාන්තය හැර කර්මාන්ත කිහිපයකට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය ආනයනයට අවසර

කෘෂිකාර්මික නොවන කර්මාන්ත සඳහා අවශ්‍ය රසායන ද්‍රව්‍ය පූර්ව අනුමැතියකින් පසුව ගෙන්වීමට අවසර ලබා දෙන බව ආනයන අපනයන පාලක ජනරාල්, දමයන්ති කරුණාරත්න මහත්මිය පැවසුවාය.

අදාළ කර්මාන්තවල අවශ්‍යතාව තහවුරු කර ගැනීමෙන් පසුව ඒ සඳහා අවශ්‍ය බලපත්‍ර ඉදිරියේ දී ලබාදීමට කටයුතු කරන බවද ඇය සඳහන් කළාය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු දමයන්ති කරුණාරත්න මහත්මිය,

“මේ වන විටත් ඇතැම් පොහොර, කෘමිනාශක වර්ග ආනයනයට යටත් කරලා තිබුණේ ආනයන ආනයන පාලන පනත යටතේ. එයින් ආවරණය නොවුණ කාණ්ඩයන් අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් හා අනෙක් අදාළ දෙපාර්තමේන්තු සමඟ සාකච්ඡා කරලා ඒවා හඳුනාගෙන සම්පූර්ණයෙන් ම තහනම් කරා. ඒ හැර අනෙකුත් සියලුම හඳුනාගත් රසායනික ද්‍රව්‍ය ආනයන පාලනයට යටත් කරලා තියෙනවා. ඒ අනුව කෘෂිකර්මාන්තයට මේ පොහොර හෝ රසායනික ද්‍රව්‍ය කෘමිනාශක යොදා ගන්න බෑ. නමුත් වෙනත් කර්මාන්තයක් සඳහා අවශ්‍ය රසායනික ද්‍රව්‍යයක් වේ නම් ඒ බව තහවුරු කර ගෙන අවශ්‍ය ප්‍රමාණයට අනුව ආනයන බලපත්‍ර ලබාදීමට ඉදිරියේ දී කටයුතු කරනු ලබනවා.“

මේ අතර, ආණ්ඩුවේ පොහොර තහනම තවත් රඟපෑමක් විය හැකි බව ගයන්ත කරුණාතිලක මන්ත්‍රීවරයා පවසයි.

ඔහු පවසන්නේ රසායනික පොහොර කඩිනමින් තහනම් කිරීම මෙරට ගොවි ජනතාවට දරාගත නොහැකි තත්ත්වයක් බවය.

අද (09) පැවැති මාධ්‍ය හමුවකදී ගයන්ත කරුණාතිලක මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අනෝජන්ගේ නිදහස සහ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා ප්‍රමුඛ විශේෂ නීතිඥ කණ්ඩායමේ මැදිහත්වීම

ශ්‍රී ලංකාවේ කල්මුණේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන විදේශගත ශ්‍රමිකයෙකු වූ සිවරාසා අනෝජන්, සෞදි අරාබියේදී සමාජ මාධ්‍ය සටහනක් සම්බන්ධයෙන් එල්ල වූ ආගමික අපහාස චෝදනාවක් යටතේ අත්අඩංගුවට...

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට කෲස් මිසයිල 03 ක් එල්ල කරයි

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට එල්ල කළ කෲස් මිසයිල 03 ක්, ඉලක්ක වෙත ළඟාවීමට පෙර තම ගුවන් ආරක්ෂක පද්ධති මගින් විනාශ කළ...

අනෝජන්ට නිදහස හිමිවී ඇති බව ඇමති විජිත ඔහුගේ පවුලේ ඥාතීන්ට දැනුම් දෙයි

අනෝජන් සිවරාසා නිදහස්! සෞදි අධිකරණයෙන් චෝදනා ලැබ සිටි අනෝජන් සිවරාසා නිදහස් කෙරේ. ඉදිරියේදී ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව විදේශ කටයුතු, විදේශ...

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී... කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය (NIHS) පදනම් කරගනිමින් බිම්ස්ටෙක් කලාපීය මහජන සෞඛ්‍ය ආයතනය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට එකඟතාවක්. බෙංගාල බොක්ක ආශ්‍රිත...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img