Thursday, November 12, 2026
HomeNEWSහිටපු CID අධ්‍යක්ෂගේ ප්‍රතිශෝධන පෙත්සම විභාගයට දින නියම වේ

හිටපු CID අධ්‍යක්ෂගේ ප්‍රතිශෝධන පෙත්සම විභාගයට දින නියම වේ

අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ පසුවන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ගොනුකර ඇති ප්‍රතිශෝධන පෙත්සම විභාගය සඳහා මේ මස 19 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

එම පෙත්සම අද (11) අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන මේනකා විජේසුන්දර සහ නීල් ඉද්දවෙල යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියෙහි කැඳවනු ලැබීය.

එහිදී ශානි අබේසේකර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා  අසනීප තත්ත්වයකින් පසු වන හෙයින් මෙම පෙත්සම විභාගයට සඳහා දිනයක් නියම කරන්නැයි ඉල්ලා සිටියේය.

ඒ අනුව අදාළ පෙත්සම ලබන 19 වනදා නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්. ගුරුසිංහ යන මහත්වරුන් ඉදිරියේ විභාගය ගැනීමට නියම කෙරුණි.

දැනට මරණීය දණ්ඩනය නියමවී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට එරෙහිව පැවති නඩුවකදී අසත්‍ය සාක්ෂි නිර්මාණය කර එම නඩුවට නීතිවිරෝධී ලෙස ගිනි අවි හඳුන්වාදුන් බවට චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එහි හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා අත්අඩංගුවට ගෙන ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කර රක්ෂිත බන්ධනාගාර ගත කළේය.

එම අධිකරණය මගින් ශානි අබේසේකර මහතාට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළ අතර ඊට එරෙහිව ගම්පහ මහාධිකරණයට ඉදිරිපත්කළ ප්‍රතිශෝධන පෙත්සම ද එම මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කළේය.

ශානි අබේසේකර මහතාව ඇප මත මුදාහරින ලෙස ඉල්ලමින් ඔහුගේ නීතිඥවරුන් විසින් මෙම ප්‍රතිශෝධන පෙත්සම අභියාචනාධිකරණයට ඉදිරිපත්කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අනෝජන්ගේ නිදහස සහ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා ප්‍රමුඛ විශේෂ නීතිඥ කණ්ඩායමේ මැදිහත්වීම

ශ්‍රී ලංකාවේ කල්මුණේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන විදේශගත ශ්‍රමිකයෙකු වූ සිවරාසා අනෝජන්, සෞදි අරාබියේදී සමාජ මාධ්‍ය සටහනක් සම්බන්ධයෙන් එල්ල වූ ආගමික අපහාස චෝදනාවක් යටතේ අත්අඩංගුවට...

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට කෲස් මිසයිල 03 ක් එල්ල කරයි

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට එල්ල කළ කෲස් මිසයිල 03 ක්, ඉලක්ක වෙත ළඟාවීමට පෙර තම ගුවන් ආරක්ෂක පද්ධති මගින් විනාශ කළ...

අනෝජන්ට නිදහස හිමිවී ඇති බව ඇමති විජිත ඔහුගේ පවුලේ ඥාතීන්ට දැනුම් දෙයි

අනෝජන් සිවරාසා නිදහස්! සෞදි අධිකරණයෙන් චෝදනා ලැබ සිටි අනෝජන් සිවරාසා නිදහස් කෙරේ. ඉදිරියේදී ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව විදේශ කටයුතු, විදේශ...

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී... කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය (NIHS) පදනම් කරගනිමින් බිම්ස්ටෙක් කලාපීය මහජන සෞඛ්‍ය ආයතනය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට එකඟතාවක්. බෙංගාල බොක්ක ආශ්‍රිත...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img