කැනඩාවේ ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායක සභාව සම්මතකර ගැනීමට කටයුතු යොදා ඇති “අංක 104” දරන ‘දෙමළ ජන සංහාර අධ්‍යාපන සතිය’ පිළිබඳ පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත සම්මත කිරීමට ඔන්ටාරියෝ උප ආණ්ඩුකාරවරිය විසින් රාජකීය අනුමැතිය ලබාදී ඇති බව වාර්තා වේ.
එය අත්හිටුවීම සඳහා කැනේඩියානු රජය වහාම මැදිහත් වන ලෙස විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනන් මහතා ගෙන් පසුගියදා (10) ඉල්ලා සිටියේය.
ඉකුත් 06 වන දින ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායක සභාව විසින් එම යෝජනාව සම්මත කර තිබේ.
එම පනත් කෙටුම්පත සම්මතකිරීම පිළිබඳව රජයේ දැඩි කනස්සල්ල පළකරන බවද අමාත්‍ය ගුණවර්ධන මහතා එහිදී ප්‍රකාශ කර තිබේ.
ශ්‍රී ලංකාවේ ජන සංහාරයක් සිදුවී ඇති බවට කැනඩාව විසින් සොයාගැනීමක් කර නොමැති බව තහවුරු කර ඇති කැනඩා රජයේ නිල ස්ථාවරයට පටහැනිව, ශ්‍රී ලංකාවේ ‘ජන සංහාරයක්’ සිදුව ඇති බවක් ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායක සභාව විසින් සොයා ගෙන ඇත්දැයි අමාත්‍යවරයා එහිදී ප්‍රශ්න කර තිබේ.






















