Saturday, September 26, 2026
HomeNEWSසංචරණ සීමා පනවා නොමැති අවස්ථාවල දී නිවසින් බැහැරව යා හැක්කේ කා හට...

සංචරණ සීමා පනවා නොමැති අවස්ථාවල දී නිවසින් බැහැරව යා හැක්කේ කා හට ද?

සංචරණ සීමා පනවා නොමැති අවස්ථාවල දී නිවසින් බැහැරව යා හැක්කේ කා හට ද?

සංචරණ සීමා ක්‍රියාත්මක නොවන අවස්ථාවන්හි දී අත්‍යවශ්‍ය කාර්යයන් සඳහා නිවසින් බැහැරව යාමට පුද්ගලයින් හට අවසර හිමි වනුයේ ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය පදනම් කර ගනිමින් බව පොලීසිය පවසයි.

පොලිස් මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, හැඳුනුම්පත නොමැති අවස්ථාවක දී පමණක් විදෙස්ගමන් බලපත්‍රය හෝ රියදුරු බලපත්‍රය භාවිත කළ හැකි බවය.

එනිසා රාජකාරී සඳහා හෝ වෙනත් අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා නිවසින් බැහැරව යෑමේදී සියලුම පුරවැසියන් හැඳුනුම්පත රැගෙන යෑම අනිවාර්ය වන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

මේ පිළිබඳ වැඩිදුරටත් පැහැදිලි කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා,

“උදාහරණයක් ලෙස අද දිනය මැයි මාසයේ 12 වනදා. අද දිනයේ දී ගමන් කළ හැකි වන්නේ තමන්ගේ හැඳුනුම්පතේ අවසාන අංකය 2,4,6 හෝ 8 සඳහන්ව ඇති පුද්ලගයින්ට පමණයි. හෙට 13 වන දිනයේ දී ගමන් කළ හැකි වන්නේ හැඳුනුම්පතේ 1,3,5,7 හෝ 9 ඇති අයට පමණයි. බින්දුව නැමති අංකය ඉරට්ටේ සංඛ්‍යාවක් ලෙස සලකනවා. ඒ අනුව ඉරට්ටේ දිනයක් තියෙනවා නම් එවැනි අවස්ථාවක ගමන් කළ හැකියි.“

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

22ක සම්මත වූ සැණින් කතානායකවරයාගේ සහතිකය

විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පතට ද කථානායකවරයා සිය සහතිකය සටහන් කරයි විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

විපක්ෂයේ මන්ත්‍රීවරුන් හැට හය දෙනාගෙන් තිදෙනෙක් ඡන්දෙට නැහැ

22වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද(25) දින පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමට ලක් කරන ලද අවස්ථාවේදී විරුද්ධ පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 66 දෙනාගෙන් තිදෙනෙකු සභාගර්භය තුළ...

22වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 2/3ක බහුතරයකින් පාර්ලිමේන්තුවේදී සම්මත වේ.. පක්ෂව ඡන්ද 158යි, විරුද්ධව 63යි

22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 2/3ක බහුතරයකින් පාර්ලිමේන්තුවේදී අද(25) සම්මත විය.විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්ද 158ක් හිමි වූ අතර විරුද්ධව හිමිවූයේ ඡන්ද...

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත මගින් මර්ධනය කිරීමට සූදානම් වනවා-ජන අරගල සන්ධානය

ආණ්ඩුව විසින් ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කර ඇත. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා ජන අරගල සන්ධානය ( 2026. 09. 24...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img